කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජගත් වැල්ලවත්ත මහතා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති ධුරයට පත් කර ඇත.

වැල්ලවත්ත මහතා කොළඹ විශ්ව විද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබඳ දර්ශනපති උපාධිය සහ ප්‍රථම උපාධිය ලබාගෙන ඇති අතර මේ වනවිට ආචාර්ය උපාධිය සඳහා අධ්‍යාපනය ලබමින් සිටී.
හෙතෙම ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය, ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශය යන ආයතනවල සභාපති ධුර ද හොබවා ඇත.
මේ අතර අනිල් මීගහගේ, පුබුදු විමලරත්න, අනිල් කොස්වත්ත සහ නිශාන්ත දයානන්ද යන මහත්වරුන් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කර ඇත. කේ.ඒ. විමලේන්දිරාජා මහතා භාණ්ඩාගාරයේ නියෝජිතයා ලෙස එම අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉදිරියටත් කටයුතු කරනු ඇත.
055
COMMENTS
පෙනුමෙන් නම් චණ්ඩියෙක් වගෙයි..
හපොයි... ආයෙමත් දේශපාලන හෙන්චයියන්ටම තනතුරු දෙන බවක් තමයි පේන්නේ. මෙතුමා තවම ආචාර්ය උපාධියවත් සමත් නැහැ. වයස ගිහිල්ලත් මහාචාර්ය වෙන්න බැරිවෙලා තියෙනවා. ඒ කියන්නේ විශ්විද්‍යාලය තුල පුස්කාපු චරිතයක්. විශ්වවිද්‍යාලවල වැඩබැරි ටාර්සන්ලා දේශපාලන පන්දම් හරහා තනතුරු ලබාගන්න බවට මේක හොඳ සහතිකයක්. ඔය විශ්වවිද්‍යාලයේම නැද්ද පී.එච්.ඩී. තියෙන මහාචාර්ය කෙනෙක් ඔය තනතුරට පත් කරන්න. පරණ සෙට් එකම තමයි අායෙත් එන්නේ... වියත් මගේ ඉන්න අය ගැන හිතාගන්න පුළුවන්. දේශපාලකයෝ කවුරුත් එකයි වගේ අමුතු වෙනසක් පේන්න නැහැ.
මෙතුමා අර විද්වත් මණ්ඩලයෙන් තෝරාගත්ත කෙනෙක් වෙන්න ඇති...
මෙතුමාට ඉතා හොඳ සමාජ දැක්මක් තිබේ. රටේ සංවර්ධනය සහ රාජ්‍ය ආයතන අතර සම්බන්ධය පිළිබඳ තියුණු විචාරකයෙකි, කවියෙකි, නවකතා කරුවෙකි. මේ නිසා සාමාන්‍ය ජන හද ගැස්ම හොඳින් හඳුනන්නෙකි. ඔහු ජනාධිපතිවරයාගේ දැක්ම මේ ආයතනය තුළ ඉදිරියට ගෙන යනු ඇත.
දේශපාලන පත්වීම් නැතිව විභාග තියලා මේවගේ තැන්වලට මිනිස්සු ගන්න ඕනෑ.
උගතෙක්...