IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඡන්ද පත්‍රිකාවක් ඡායාරූප ගතකළ තරුණයකු අත්අඩංගුවට

( දීපාල් ද සිල්වා)
 
ඡන්ද පත්‍රිකාව ජංගම දුරකතනයකින් ඡායාරූප ගත් තරුණයකු ඇල්පිටිය තලගස්පේ ඡන්ද මධ්‍යස්ථානයේදි අත්අඩංගුවට ගත් බව පිටිගල පොලිසිය පවසයි.

පසුව එම සැකකරු පොලිස් ඇපමත මුදාහැර ඇති අතර ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයේදි මැතිවරණ නීති කඩකිරීම සම්බන්ධව ඉදිරියේදී නඩු පවරන බව පිටිගල පොලිසිය පැවසයි.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා ඡන්දය පාවිච්චි කිරීමට තලගස්පෙ ඡන්ද මධ්‍යස්තානයට ඊයේ (11) සවස 3ට පමණ ගිය තලගස්පේ පදිංචි තරුණයකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.



අදහස් (3)

ඡන්ද පත්‍රිකාවක් ඡායාරූප ගතකළ තරුණයකු අත්අඩංගුවට

kamal Saturday, 12 October 2019 11:28 AM

මහා විශාල අපරාධයකනේ මේ අල්ලලා තියෙන්නේ. ඔබලාගේ මීළඟ වික්‍රමය අර සිංගපුරුවට මගුල් ගෙදරකට ගිය උත්තමයාව අත්අඩංගුවට ගැනීම වෙන්න පුළුවන් නේද?

:       50       45

චමින්දSunday, 13 October 2019 01:24 AM

වර්තමානයේ සමහර මිනිසුන් අහවලා අර පක්ෂයේ මෙයා මේ පක්ෂයේ කියමින් රටේ බෙදීම් ඇතිකරනවා.රටේ රහස් ඡන්දයක් පවත්වනවා කිව්වාට කිසිදා කිසිම දේශපාලන රැස්වීමකටවත් නොගිය අය පවා මෙලෙස හංවඩු ගැසීම් නිසා, විවිධ දුෂ්කරතා නිසා කරදරයන්ට පත්වෙනවා.මෙය එවැන්නකින් බේරීමට කළ දෙයක්ද නැත්නම් ඡන්දය ලකුණු කරන ආකාරය පෙන්වාදීමට කරන දෙයක්ද බලන්න.ඒ වගේම පක්ෂවලට ගැති අයඩ එයා අර පක්ෂයේ මෙයා අර පක්ෂයේ කියමින් කරන ක්‍රියාවන් තහනම් කිරීමටත් නීති හදනවානම් සුදුසුයි.

:       0       0

nuwanSunday, 13 October 2019 06:36 AM

රහස් ඡන්දයක් කියන එකේ තේරුමක් තියනවා. අද වැඩ සිද්ධ වෙන විදිහට ඡන්දෙ කලේ හම්බ වෙන ඔය පඩුරු ඔක්කොම අරගෙන තමන් කැමති කෙනෙකුට ඡන්දෙ දෙන්න පුළුවන්. නමුත් මේ විදිහට පොටෝ ගන්න ඉඩ දුන්නොත් මැර දේශපාලකයෝ මිනිස්සුන්ට බලපෑම් කරන්න පුළුවන් තමන් ඡන්දෙ දුන්න බවට ඔප්පු කරන්න කියල. ඒක නරක ප්‍රවනතාවක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 704 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 334 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site