(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තු මහා මැතිවරණය ඇතුළු  සියලු මැතිවරණවලදී  කාන්තා නියෝජනය   30 % සිට  70% දක්වා වැඩි කිරීම  සහතික කළ යුතු යැයි සඳහන් යෝජනාවක්     මැතිවරණ හා ඡන්ද විමසීම් නීති රීති ප්‍රතිසංස්කරණය සඳහාවන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදය තීරණය කර ඇත .

එමෙන්ම  සියලු දේශපාලන  පක්ෂවල ජාතික ලැයිස්තුවෙන් සියයට  50ක් කාන්තාවන් සඳහා වෙන්  කළ යුතු බවටද  පළාත් පාලන මට්ටමේ ඡන්ද සියයට 25ක කෝටාව නොවෙනස්ව පවත්වා ගැනීම තහවුරු කිරීම සඳහාද  යෝජනා ඉදිරිපත් කිරීමට  එම සංසදය බලාපොරොත්තු වෙයි.

පාර්ලිමේන්තු කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදයේ රැස්වීමක් එහි සභාපතිනී රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන්  පසුගියදා පැවැත්විණි .ඉහත යෝජනා ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත්තේ එම රැස්වීමේදී ය .