IMG-LOGO

2025 නොවැම්බර් මස 24 වන සඳුදා


ඡන්දහිමි නාම ලේඛනයේ නම් කැපූ බවට පැමිණිල්ලක්

(බිඟුන් මේනක ගමගේ) 

කොළඹ දිස්ත්‍රික්කයේ මැතිවරණ බල ප්‍රදේශ කීපයක සිදු වී යැයි කියන ඡන්ද හිමි නාමලේඛනයෙන් නම් කපා දැමීමක් ගැන සොයාබලන්නැයි ඡන්දදායකයන් පිරිසකගෙන් හා මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයෙන් මැතිවරණ කොමිසමට වෙන වෙනම පැමිණිලි ලැබී ඇත. 

සිය ඡන්ද බල ප්‍රදේශයේ වසර දහයක පමණ කාලයක් තිස්සේ ඡන්දය ප්‍රකාශ කළ ඡන්දදායකයන් පිරිසක් මෙම සිදුවීමට මුහුණ පා ඇතැයි ද ඔවුන් තමන්ට කළ දැනුම් දීම මත තම සංවිධානය ද මැතිවරණ කොමිසමට මේ ගැන සොයාබලා ඔවුන්ගේ ඡන්ද අයිතිය තහවුරු කරන්නැයි ලිඛිතව ඉල්ලා සිටියේ යැයි ද මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා ‘ලංකාදීප’ යට අද(6) පැවැසීය.

දෙහිවල ගල්කිස්ස සහ මැද කොළඹ ප්‍රදේශයේ ඇතැම් ග්‍රාමසේවා කොට්ඨාශවලින් මෙවැනි පැමිණිලි 100 ක් පමණ ලැබී ඇතැයි ද එය සංවිධානාත්මකව සිදුකළ ක්‍රියාවක්දැයි සැකයක් මතු වී ඇතැයි ද ගජනායක මහතා කීය. 

ඡන්ද හිමි නාම ලේඛනයක් බිම් මට්ටමේදී වෙනස් කළ හැක්කේ ග්‍රාම නිලධාරින්ට පමණක් යැයි ද එනිසා මෙම සිදුවීම් පසුපස ග්‍රාමනිලධාරින් සිටින්නේදැයි සැකයක් මතුව ඇතැයි ද ඔහු කීය.

නිල ඡන්ද දැන්වීමේ පත්‍රිකා තමන්ට නොලැබීම සම්බන්ධයෙන් සොයාබැලීමේදී තම නම් ඡන්ද ලැයිස්තුවෙන් ඉවත්කර ඇති බව ඔවුන් දැනගෙන ඇතැයි ද ඡන්දහිමි නාමලේඛන ප්‍රතිශෝධනයෙන් පසුව ඡන්ද හිමි නාමලේඛන පරීක්ෂා කිරීම ඔවුන් අතින් සිදුව නැතැයි ද ගජනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 



අදහස් (0)

ඡන්දහිමි නාම ලේඛනයේ නම් කැපූ බවට පැමිණිල්ලක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 75 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 172 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1028 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site