(බිඟුන් මේනක ගමගේ)
කොළඹ දිස්ත්‍රික්කයේ මැතිවරණ බල ප්‍රදේශ කීපයක සිදු වී යැයි කියන ඡන්ද හිමි නාමලේඛනයෙන් නම් කපා දැමීමක් ගැන සොයාබලන්නැයි ඡන්දදායකයන් පිරිසකගෙන් හා මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයෙන් මැතිවරණ කොමිසමට වෙන වෙනම පැමිණිලි ලැබී ඇත.
සිය ඡන්ද බල ප්‍රදේශයේ වසර දහයක පමණ කාලයක් තිස්සේ ඡන්දය ප්‍රකාශ කළ ඡන්දදායකයන් පිරිසක් මෙම සිදුවීමට මුහුණ පා ඇතැයි ද ඔවුන් තමන්ට කළ දැනුම් දීම මත තම සංවිධානය ද මැතිවරණ කොමිසමට මේ ගැන සොයාබලා ඔවුන්ගේ ඡන්ද අයිතිය තහවුරු කරන්නැයි ලිඛිතව ඉල්ලා සිටියේ යැයි ද මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා ‘ලංකාදීප’ යට අද(6) පැවැසීය.
දෙහිවල ගල්කිස්ස සහ මැද කොළඹ ප්‍රදේශයේ ඇතැම් ග්‍රාමසේවා කොට්ඨාශවලින් මෙවැනි පැමිණිලි 100 ක් පමණ ලැබී ඇතැයි ද එය සංවිධානාත්මකව සිදුකළ ක්‍රියාවක්දැයි සැකයක් මතු වී ඇතැයි ද ගජනායක මහතා කීය.
ඡන්ද හිමි නාම ලේඛනයක් බිම් මට්ටමේදී වෙනස් කළ හැක්කේ ග්‍රාම නිලධාරින්ට පමණක් යැයි ද එනිසා මෙම සිදුවීම් පසුපස ග්‍රාමනිලධාරින් සිටින්නේදැයි සැකයක් මතුව ඇතැයි ද ඔහු කීය.
නිල ඡන්ද දැන්වීමේ පත්‍රිකා තමන්ට නොලැබීම සම්බන්ධයෙන් සොයාබැලීමේදී තම නම් ඡන්ද ලැයිස්තුවෙන් ඉවත්කර ඇති බව ඔවුන් දැනගෙන ඇතැයි ද ඡන්දහිමි නාමලේඛන ප්‍රතිශෝධනයෙන් පසුව ඡන්ද හිමි නාමලේඛන පරීක්ෂා කිරීම ඔවුන් අතින් සිදුව නැතැයි ද ගජනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
689
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
329
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඡන්දහිමි නාම ලේඛනයේ නම් කැපූ බවට පැමිණිල්ලක්