(විනීතා එම් ගමගේ)
වතු කම්කරුවන්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා උදෑසන නිවාඩු දෙන්නැයි පැෆරල් සංවිධානය වතුහිමියන්ගෙන් ඉල්ලීමක් කරයි.
සාමාන්‍යයෙන් වතු කම්කරුවන්ට ඡන්දය ලබාදීම සඳහා නිවාඩු ලබා දෙන්නේ පස්වරුවේ වන නමුත් මෙවර ඡන්දය විශේෂයක් සේ සලකා පෙරවරුවේ නිවාඩු දෙන්නැයි හාම්පුතුන්ගෙන් ඉල්ලා සිටින බව පැෆරල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ‘ලංකාදීප’යට පැවැසීය.
මෙවර ඡන්ද පත්‍රිකාව දිගැති එකක් වන බැවින් එය කියවා ගැනීමට තරමක කාලයක් ගත වන බවත් අඩු අධ්‍යාපනයක් ඇති වතුකම්කරුවන්ට සවස් වරුවේ නිවාඩු දීමෙන් කාලය ප්‍රමාණවත් නොවීම නිසා ඡන්දය දීමට වේලාව ප්‍රමාණවත් නොවීමට ඉඩ කඩ ඇති බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
උදෑසනින් ඡන්දපොළට යාමෙන් ඡන්දපොළ පෝලිමේ සිටීමට සිදුනොවනු ඇතැයි කී හෙට්ටිආරච්චි මහතා මෙවර ඡන්ද පත්‍රිකාව තරමක් විශාල බැවින් ඡන්දය භාවිතා කිරීමට තරමක් වේලා ගත වන බවත් මේ නිසා පෝලිමේ රැඳී සිටිමට සිදුවන කාලය තරමක් වැඩි වනු ඇති බවත් කියා සිටියේය.
වලංගු හැඳුනුම්පතක් රැගෙන යන ලෙස ඡන්දදායකයන්ගෙන් ඉල්ලා සිටි ඔහු ඡන්ද කොලය ඇත්නම් එය ගෙන යන ලෙසත් එය නැතත් ලැයිස්තුවේ නම ඇත්නම් ඡන්දය භාවිතා කළ හැකි බවත් කියා සිටියේය.
කෙසේ වෙතත් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසු ඡන්ද පොලවල රැඳී සිටීමෙන් වළකින්නැයි හෙතෙම තව දුරටත් සියලු ඡන්ද දායකයන්ගෙන් ඉල්ලීමක් කළේය.
2025 නොවැම්බර් මස 04
235
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2089
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1596
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘ඡන්දය ප්‍රකාශකරන්න වතුකම්කරුවන්ට උදේවරුවේ නිවාඩුදෙන්න’
රවින් Friday, 15 November 2019 09:33 AM
වතුවල සිදුවෙන ක්‍රියාවලිය ගැන කිසිම අවබෝධයක් නැතිව වගේ ප්‍රකාශ නිකුත් කරන්නේ. වතුවල සාමාන්‍යයෙන් වැඩ පටන්ගන්නේ උදේ හයට පමණ. තේ වතුවලනම් උදේම තේ දල්ල නෙලා ගත්තේ නැතිනම් හවස් වෙනකොට මුළු වත්තේම ක්‍රියාවලියන්ට බාධා ඇතිවෙනවා. දැනගෙන ගියොත් කතරගම. නොදැන ගියොත් අතරමග.