(රංජන් කස්තුරි)
යම් තත්වයක් හේතුවෙන් කිසියම් ප්‍රදේශයක ඡන්ද මධ්‍යස්ථානයට ගොස් තම ඡන්දය ප්‍රකාශකිරීමට නොහැකි වෙතැයි කිසියම් ඡන්ද දායකයකුට සාධාරණ බියක් ඇත්නම්, ඔහුට ඒ සඳහා වෙනත් මධ්‍යස්ථානයක් ලබාදිය හැකි බව මැතිවරණ කොමිසම කියයි.
ඒ සඳහා වන ඉල්ලුම්පත් සියලුම දිසාපති කාර්යාලවලින්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් හෝ ග්‍රාම නිලධාරී කාර්යාලවලින් ලබාගත හැකි බවද එම කොමිසම කියයි.
එම ඉල්ලුම්පත් සැප්තැම්බර් 25 වැනි දින හෝ ඊට පෙර මැතිවරණ අධ්‍යක්ෂ ජනරාල්, මැතිවරණ කොමිෂන් සභාව, සරණ මාවත, රාජගිරිය යන ලිපිනයට එවිය යුතු බවද කොමිසම සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ තීරණයක්... මෙය වඩාත් වැදගත් වන්නේ ඡන්ද දායකයන්ට වඩා "පෙරේත මූසල ,තක්කඩි හොරකම ඇඟේම තියෙන ඡන්ද අපේක්ෂකයාට" තමන්ගේ ඡන්දය වෙන පළාතක ගිහින් තමන්ගේ ඡන්දය පාවිච්චි කරන්න පහසුකම් සැලසීම. එසේ නොවුණොත් මිනිසුන්ගෙන් කන්න වෙන බව මැතිවරණ කොමිසමට ඉව වැටිලා වගේ..
එහෙනම් ආපහු බයෙන් ඉන්න යුගයක් තියෙන්නේ
එදිනට සුදු වෑන් නවතා තිබීම එම ස්ථාන අසල තහනම් කරන්න. කට්ටිය පිරිවරාගෙන පන්සල් යනවා වගේ.., රංචු පිටින් ඒම නතර කරන්න. මෝඩ චණ්ඩින් ගැවසෙන ප්‍රදේශවලට දැඩි ආරක්ෂාව දෙන්න.
කල් තියාම මැතිවරණ භීෂණයක් ඇති කරලා පෙන්වන්නද දැන් ? මැකෝ ම වැඩේට බැහැලද ? හිතෙන හිතෙන තැන ඡන්දෙ දාන්න දෙනකොට හොර ඡන්ද කීයක් වැටෙයි ද ? මොකද්ද තියෙන විශ්වාසය නිවැරදිව ඡන්ද වැඩ කෙරෙනවා කියල ??? කාගේ උවමනාවට ද මේ සුත්තර ?? සුත්තර පුංචා කාගෙන් ද මේවා ඉගෙනගෙන තියෙන්නේ ? ඡන්දදයකයන්ට සාධාරණයක් කියලද හිතන්නේ ?
මැතිවරණ කොමසාරිස්වරයා බලය අත්තනෝමතිකව භාවිතා කරමින් අපේක්ෂකයින්ට මෙන්ම ඡන්දය දැමීමට එන අයටද තර්ජනය කරණ නිසා අප ඡන්දය වර්ජනය කිරීමට තීරණය කර ඇත.
මේ වන විට ජන්දයක් ප්‍රකාශ කර ඇති නිසා ආරක්ෂක හමුදා වලට අණදීමේ බලය මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාට ලැබී ඇත. එතුමා ජන්දය දාන්න එන අයගේ ඔළුවටම වෙඩි තබනා බවට කෙරු ප්‍රකාශය අපට මතකය. මෙවැනි භිෂණයක් ඇති කිරීමට වෙර දරන එතුමාට විරෝධය දක්වමු.
මේවා ලොකුවට ගත යුතු දේ නොව, ඡන්ද පවත්නා ස්ථාන මුල්කර ඒ අවට වර්ග ප්‍රමාණයක් ඡන්දය පවත්නා කාලය තුල තාවකාලික ආරක්‍ෂිත කලාප ලෙස පත් කොට පොලිසිය ඇතුළු ත්‍රිවිද හමුදා යොදා පරීක්ෂා කර ඡන්ද දායකයින්ට පමණක් පයින් ගොස් ඡන්දය දැමීමට සැලසුවා විය හැක. එවිට එය පිවිතුරු තර්ජන, ගර්ජන, බලපෑම්වලින් තොර ඡන්දයක් විය හැකියයි මගේ අදහස හා විශ්වාසයයි.
දැන් ඉන්න ජනපති ලක්ෂ 62 ක් ගත්තේ රාජපක්ෂ යුගයේ නේ. දැන් යහපාලන යුගයේ ඇයි මේ බය වෙන්නේ. බය මවාපාමින් ඡන්දදායකයන් භීතියට පත් කරනවා වගෙයි.
අහුවෙන්න එපා ඔය හොර ඡන්ද දා ගන්න සැලසුමක් . භය නැතිව ඡන්ද පොළටම යන්න. මිනීමරු ආණ්ඩුවක් යටතේ නොවෙයි ඡන්දය තිබෙන්නේ .