
(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)
හිටපු අමාත්‍යවරයකුට ඡන්දය ලබා දෙන ලෙස ඉල්ලා මෝටර් රථයකින් පැමිණ මුදල් බෙදූ පුද්ගලයන් දෙදෙනෙකු බේරුවල මුල්ලියමලේ හංදිය ප්‍රදේශයේ දී බේරුවල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය කියයි.
ඔවුන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී රුපියල් 38,000 ක මුදලක් තිබූ බව ද පොලීසිය කියයි.
පොලිසිය පැමිණීමත් සමගම එම ස්ථානයේ සිටි හිටපු සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයෙකු පලාගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොර අරාජිතයාගේ ඇබිත්තයෝ වගේ...
ආ අර කොරෝනා කාලේ දීපු 5000 නොදීපු අයට දෙන්න ඇති...
පරිප්පු හුණ්ඩු භාගයටත් ඡන්දෙ දෙන අපේ රටේ, ඕක මොකක්ද?
දත් තිස්දෙකම පෙන්නලා හිනාවුණා නේද?
දෙන දෙයක් සිල්රෙද්දක් එක්ක දුන්නා නම් කවදා හරි නිදහස්... ශ්‍රී ලංකාවේ දේශපාලකයින් ඡන්ද දායකයා ගැන හොඳහැටි දනියි. ඒ අනුව ඔවුන් කටයුතු කරති. අපි ලැජ්ජා විය යුත්තේ බහුතර ජනතාව ගැනයි. රටක් ගැන සිතා ඡන්දය දෙන්නේ ඉතාමත් සුළු පිරිසකි. එම සුළුපිරිස මෙන් ජනතාවක් රටක සිටියේ නම් එම රට ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට සුදුසු විය හැකියි. ඒ වගේම දියුණු රාජ්‍යයක් වීමට ඒ රටට හැකියි. අද ශ්‍රී ලංකාවේ ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය විකුණා ඒ මත යැපෙන ධනපති පාලකයින්ගේ පාලනයකි. තවදුරටත් එය තහවුරු වන්නේ දේශපාලන පක්ෂ මැතිවරණයකදී කරන වියදම්ය. වැඩි බලය වැඩිමුදලට...