IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


චමින්ද විජේසිරිගෙන් කතානායකට පැමිණිල්ලක්

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

තිරු නඩේශන් යැයි හඳුන්වා ගත් පුද්ගලයකු ලබා දුන්  සැකකටයුතු  දුරකතන ඇමතුමක් නිසා තමාගේ ජීවිතය ගැන  බියක් දැනෙන බවත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බවත්  සමගි ජන බලවේගය පක්ෂයේ බදුලු දිස්ත්‍රික්  මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තුවේදී අද (21) පැවැසීය.

එම දුරකතන ඇමතුම මගින්  කිසියම් තර්ජනයක් කෙරුණු බව හැඟී ගිය හෙයින් තමා ඒ සම්බන්ධයෙන්  මිරිහාන පොලීසියට පැමිණිල්ලක් කළ බවද හෙතෙම සඳහන් කළේය.

විජේසිරි මහතා මෙසේ පැවසුවේ කතානායකවරයාගේ අවසරය  ඇතිව  වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමිනි.

තමා පාර්ලිමේන්තුවේදී  පැනඩෝරා ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයක් ගැන  එම දුරකතන ඇමතුම දුන්  පුද්ගලයා එහිදී විමසීමෙන් පසු   ඒ කාරණය ගැන කතා කිරීම හොඳ යැයි  පවසා  සිනාසී ඔහු එකවරම දුරකතනය විසන්ධි කළ බවද  විජේසිරි මහතා සඳහන් කළේය.

තමාගේ මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් පොලිසියෙන් අද වනතුරු කිසිදු තොරතුරක් ලබාදී  නැතැයිද  ඔහු පැවසුවේය.

මේ සිද්ධිය සිදුවී පසුගිය 14 වැනිදා අගමැති පාර්ලිමේන්තු කටයුතු ලේකම් උදිත ලොකුබණ්ඩාර මහතා තමාට දුරකතන ඇමතුමක්දී  " චමින්ද අයියේ තිරු කතා කළාද." යනුවෙන්  විමසූ බවත් ඒ  කතා කළ පුද්ගලයා ගැන  සැකයක් මතුවූ හෙයින් ඒ ගැන  පොලිසියට පැමිණිල්ලක් කළේ යැයි  තමා ඒ අවස්ථාවේදී   ඔහුට  දැනුම් දුන් බවත්  විජේසිරි මහතා කීවේය.

මෙහිදී  ලොකුබණ්ඩාර මහතා " ඒ කතා කළේ තිරු තමයි" යනුවෙන් පැවසූ බවද මන්ත්‍රීවරයා පැවැසීය.



අදහස් (1)

චමින්ද විජේසිරිගෙන් කතානායකට පැමිණිල්ලක්

ravin Thursday, 21 October 2021 03:56 PM

අනේ අනේ එකයි එකයි දෙකයි කියන්න බැහැ තමා ඒත් ඒක එකතු කිරීම එක සමානයි දෙකයි කියලා කියන්න අමාරු නැහැ නේද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 37 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site