IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


චීන ජාතිකයන් 14දෙනාට වසර බැගින් සිරදඬුවම්


(ඩී. ජී. සුගතපාල)
 
සංචාරක වීසාවලින් පැමිණ නීති විරෝධී ලෙස මෙරට රැඳී සිටි චීන ජාතිකයන් 14 දෙනා අද(14) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ  කැකුණවෙල මහතා එක් අයෙකුට වසරක සිර දඬුවමක් සහ රුපියල් 50,000 බැගින් වූ දඩ මුදලක් නියම කළේය.
 
මෙම චීන ජාතිකයින් සංචාරක වීසාවලින් පැමිණ ගාල්ල දඩල්ලේ ගොඩනැගිලි ඉදිකිරීමේ වැඩබිමක අත්උදව්කරුවන් ලෙස සේවයේ යෙදී සිටියදී ගාල්ල පොලිසිය මගින් පසුගිය 2 වන දින අත්අඩංගුවට ගෙන තිබිණි.
 
ඔවුන් අධිකරණයට ඉදිරිපත් කර අද(14) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි.
 
දඩය නොගෙවන්නේ නම් තවත් මාසයක සිර දඬුවමක්ද විත්තිකරුවන්ට නියම වන බව මහේස්ත්‍රාත්වරයා පැවසීය.



අදහස් (9)

චීන ජාතිකයන් 14දෙනාට වසර බැගින් සිරදඬුවම්

විජිත් Thursday, 14 March 2019 01:19 PM

එතකොට මේ නීති විරෝධී ලෙස සංචාරක විසා වලින් ආ අයට රැකියා දුන් මුදලාලිට මොනවාද කරන්නේ...? මේ මිනිස්සුන්ව අවුරුද්දක් කුඩුවේ තියා ගන්නවා කියන්නේ සෑහෙන වියදමක්. මේ කට්ටියම චීන තානාපති කාර්යාලයට බාරදෙන්නැයි තියෙන්නේ, ඕන දෙයක් කරගන්න හැබැයි මේ අයට මේ රටේ ඉන්න තහනම් කියලා. ඒවගේමයි මේ අයට නැවත ශ්‍රී ලංකාවට පැමිණීම සපුරා තහනම් කලයුතුයි. ලංකාවේ නීතිවල තියෙන හිල් අතරින් රිංගා නීති විරෝධී ලෙස එක එක රැකියා කරමින් සිටින විදේශිකයින් අපේ රටේ මිනිහෙක් හෝ ගැහැනියක් හා විවාහ වුනාට පස්සේ ප්‍රශ්නය විසඳන්න ඉතාමත් අපහසු වෙනවා.

:       0       7

smn Thursday, 14 March 2019 02:16 PM

මේ 14 දෙනාටම දැන් වීසා නැතිව, නවාතැන් පහසුකම් සිර මැදිරිය වෙලාවට කෑමබීම, ආරක්ෂාව, ලෙඩ වුණා නම් වෛද්‍ය ප්‍රතිකාර යනාදි මේ සියලු පහසුකම් සහිතව අවුරුද්දක්ම ලංකාවේ වාසය කිරීමට සිදුවෙනවා...ඒකයි දඬුවම.

:       0       3

sirimal Thursday, 14 March 2019 02:52 PM

වසරක් ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. සුමානයක් අපේ හිර ගෙදරක ගත කරන්න සිද්ධ උනහම මේ මිනිස්සුන්ට කරගත්ත මෝඩ කම හොඳටම තේරෙයි.

:       0       3

amila Thursday, 14 March 2019 04:04 PM

දැන් මේ හිර ගෙවල් තියෙන්නේ ලංකාවේ නෙවිද. ලංකාවේ වීසා නැතිව හිටියට දෙන දඩුවම තවත් අවුරුද්දක් ලංකාවේ තියා ගන්න එකද. කවූරු හරි මේ නිතිය ගැන දන්නවනම් කියන්න.

:       0       3

Mahee Thursday, 14 March 2019 05:32 PM

අයියෝ ජනපද ටික හදලා ඉවර වෙනකම් හිටියා නම් ගෞරවනීය පුරවැසියන් හැටියටම අත් උදව්කාර වෘත්තියේ යෙදෙන්න තිබුණනේ...

:       1       3

Nihal Thursday, 14 March 2019 06:46 PM

හරිම කණගාටුයි දුපත්කමනේ. අපේ රටේ අයත් යුරෝපයේම විසා නැතුව 50000 පමණ ඉන්නවා

:       0       16

sirimal Friday, 15 March 2019 09:49 AM

අවුරුද්දක් ඕනෑ නැහැ.. දවස් දෙකක් අපේ හිරගෙදරක ගත කළාම මේ ගොල්ලන්ට තේරෙයි කරපු මෝඩකමේ තරම...

:       0       41

menna Saturday, 16 March 2019 08:41 AM

මේ මිනිසුන්ට අවුරුද්දක් කන්න දෙන්නේ කාගේ සල්ලි වලින්ද?

:       0       0

Bamunuarachchi Monday, 18 March 2019 05:05 PM

අර සංචාරකයෝ ලක්ෂ ගණනින් ආවා කියා අපිට පෙන්වන්නේ මේගොල්ලන්ගේ සහ ඉන්දියානුවන්ගේ පැමිණීම තමයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 276 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 408 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 390 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site