(රංජන් කස්තුරි)
ශ්‍රී ලංකාවේ සිටින චීන ජාතිකයන්ට සාමාන්‍ය පරිදි සලකන ලෙසද, ඔවුන් කිසිවිටක කොන්නොකරන ලෙසද ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද(03) පැවසුවාය.
කොළඹ එම අමාත්‍යංශයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඇය මේ බව සඳහන් කළාය.
චීනය සහ ශ්‍රී ලංකාව අතර අනාදිමත් කාලයක සිට සමීප සබඳතාවක් පවතින අතර කොරෝනා වයිරසය හේතුකරගෙන එම සබඳතා පළුදු කරගත යුතු නැතැයිද එහිදී ඇමැතිවරිය කීවාය.
මෙරට විවිධ ව්‍යාපෘතිවල සේවය කරන චීන ජාතිකයන් කොන්කිරීමට හෝ ඔවුන් සමඟ එක්ව වැඩකිරීම ප්‍රතික්ෂේප කිරීමට හෝ ශ්‍රී ලාංකිකයන් යොමු නොවනු ඇතැයි තමා විශ්වාස කරන බවද ඇය ප්‍රකාශ කළාය.
COMMENTS
අනේ අනේ... ණය ගත්ත අය චීන්නු බලාගන්න කව්ද උන් මෙහාට ගෙනාවේ? ඔබතුමියගේ ලොක්කන් නේද?
ඔබතුමියගේ ගෙදරත් චීන්නු දෙන්නෙක් විතර තියාගෙන අනිත් අයට ආදර්ශයක් දෙන්න...
නැතුව, නැතුව... චීනයේ උදව් නැතුව කොහොමද රටක් ගෙනියන්නේ නේද හාමු..?
මිනිස්සු කුලී වැඩත් නැතුව බඩගින්නේ මැරෙනවා . චීන්නු ගෙනත් රස්සා දෙනවා. මේ හරක් ? වාසි තියෙනවනේ.
මේක සුද්දන්ට වුණා නම් අපේ අයගේ කවි, නිසඳැස්, සංවේදී ප්‍රකාශ බලාගන්න තිබුණා.
චීන්නු කොන් නොකර බලාගන්න එක ඔහේලාගේ වැඩක්. අපි නෙවෙයිනේ උන් එක්ක ඩීල් දැම්මේ...
රුසියාවේ නායකයින් වහාම චීනා දෙස සීමා දොරටු වසා දැම්ම ගුවන් ගමන් චීනයේ සිට එන සියල්ලම නතර කළා.. මේවට විහිලු කතා කියලා හරියන්නේ නෑ. අපි වගේ දුප්පත් රටකට මේ ලෙඩේ අාවොත් මොකද වෙන්නේ...?
මෙහෙමත් පරගැතිභාවයක්. ඔයාට ඕනෑනම් චීනෙක් දෙන්නෙක් අල්ල ගන්න. අපිට නම් ඒ අය මේ රට කන්න ආපු පරයින්ම තමයි.
මේක හොඳ වෙලාව... චීනුන් ටික මේ රටෙන් පන්නන්න.. උනුත් එක්කම උන්ට රට පාවා දුන්නු නරි රැලත් රටෙන් පන්නමු.
අපේ රටවැසියන්ගේ ජීවිතවලට වැඩිය චීනාගේ කොමිස් කුට්ටිය ලොකුයි. මේ වගේ විශාල වසංගතයක් තම රටේ පැතිර යනකොට චීන ආණ්ඩුවෙන් පිටරටවල අනවශ්‍ය සංචාරේ යන්න එපා කියලා අවවාද කරලා තිබෙනකොට චීනෝ තේරුම් ගන්න ඕනේ තමන්ගේ රටට වෙලා අමාරුවේ වැටිලා ඉන්න... සහෝදර ජනතාවට මුදලින් හෝ ශ්‍රමයෙන් යම්කිසි උපකාරයක් කරන්න. නැතුව මේ වෙලාවේ මෙහෙ රෝන්දේ ගහන්න අාවොත් ලංකාවේ මිනිස්සු ඔවුන් කොන් කරන එක පුදුමයක්ද? කවුද කැමති ලෙඩ වෙලා දුක් විඳලා මැරෙන්න.
චීන සංචාරකයින්ට ලංකාවේ මිනිස්සු කොහොමත් එතරම් කැමැත්තක් නොමැත. චීන සංචාරකයින් එන්නේ කණ්ඩායම් වශයෙන් සංචාරය සංවිධානය කරන්නේ.., චීන සමාගම්, සංචාරය කරන්නේ චීනේ නිෂ්පාදිත විශාල සුඛෝපභෝගි බස්වල, ලංකාවට අාවහම නවතින්නේ ශැන්ග්‍රිල්ලා, අහුන්ගල්ලේ රෙයු , වැනි චීන සමාගම් වලට අයිති හෝටල්වල... එමනිසා ඔවුන් තොගපිටින් ආවත් එම මුදල්වලින් වැඩි කොටසක් චීනෙම හිර වෙනවා.. අපේ ආර්ථිකයට එම මුදල් නොලැබේ. යුරෝපයේ සංචාරකයා එහෙම නොවේ... ඔවුන්ගෙන් වැඩිකොටසක් නවතින්නේ සුළු සහ මධ්‍යම ප්‍රමාණයේ ශ්‍රී ලාංකිකයින්ට අයිති හෝටල්වල, ගමන් බිමන් යන්නේ ශ්‍රී ලාංකිකයන්ට අයිති කුඩා වාහනවල, එහෙම නැතිනම් ත්‍රිරෝද රථවල, කෑම බීම කන්නේ වැල්ලේ තිබෙන කුඩා රෙස්ටුරන්ට් වල, එමනිසා ඔවුන් ගෙන එන මුදල් වලින් 95% අපේ ආර්ථිකයේ සංසරණය වෙනවා... මේ අවස්ථාවේ චීන්නු මේකේ දමාගත්තොත් මෙහෙ කොරෝනා පැතිරෙන්න ගත්තොත් යුරෝපා සංචාරකයින් පැමිණීමේ අඩුවක් අනිවාර්යයෙන්ම සිදුවෙනවා. එතකොට ලෙඩවෙන්නේ සාමාන්‍ය අපි, වැටෙන්නේ අපේ ආර්ථිකය, පවිත්රාට නම් කිසිම ප්‍රශ්නයක් නොමැත...