IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


‘චීන ජාතිකයන් කොන්කරන්න එපා’

(රංජන් කස්තුරි)
                   
ශ්‍රී ලංකාවේ සිටින චීන ජාතිකයන්ට සාමාන්‍ය පරිදි සලකන ලෙසද, ඔවුන් කිසිවිටක කොන්නොකරන ලෙසද ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද(03) පැවසුවාය.
 
කොළඹ එම අමාත්‍යංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇය මේ බව සඳහන් කළාය.
 
චීනය සහ ශ්‍රී ලංකාව අතර අනාදිමත් කාලයක සිට සමීප සබඳතාවක් පවතින අතර කොරෝනා වයිරසය හේතුකරගෙන එම සබඳතා පළුදු කරගත යුතු නැතැයිද එහිදී ඇමැතිවරිය කීවාය.
 
මෙරට විවිධ ව්‍යාපෘතිවල සේවය කරන චීන ජාතිකයන් කොන්කිරීමට හෝ ඔවුන් සමඟ එක්ව වැඩකිරීම ප්‍රතික්ෂේප කිරීමට හෝ ශ්‍රී ලාංකිකයන් යොමු නොවනු ඇතැයි තමා විශ්වාස කරන බවද ඇය ප්‍රකාශ කළාය.



අදහස් (17)

‘චීන ජාතිකයන් කොන්කරන්න එපා’

Sarath silva Monday, 03 February 2020 11:21 AM

අනේ අනේ... ණය ගත්ත අය චීන්නු බලාගන්න කව්ද උන් මෙහාට ගෙනාවේ? ඔබතුමියගේ ලොක්කන් නේද?

:       252       455

බංඩාර Monday, 03 February 2020 11:45 AM

ඔබතුමියගේ ගෙදරත් චීන්නු දෙන්නෙක් විතර තියාගෙන අනිත් අයට ආදර්ශයක් දෙන්න...

:       55       235

siri Monday, 03 February 2020 11:46 AM

නැතුව, නැතුව... චීනයේ උදව් නැතුව කොහොමද රටක් ගෙනියන්නේ නේද හාමු..?

:       0       136

කාවිංගMonday, 03 February 2020 12:43 PM

හාමු..? මෙයා කොහොමද හාමු වෙන්නේ? හැබැයි මෙයා නම් හාමු වුණා...

:       0       35

siriMonday, 03 February 2020 02:03 PM

ඒ ඉතින් එයා හිතාගෙන ඉන්න විදිහනේ කාවිංග...

:       0       7

චමින්ද - රත්නපුර Monday, 03 February 2020 02:17 PM

ඔය කියන්නේ කාගේ කතාවද...?

:       0       2

Adiri Monday, 03 February 2020 12:11 PM

මිනිස්සු කුලී වැඩත් නැතුව බඩගින්නේ මැරෙනවා . චීන්නු ගෙනත් රස්සා දෙනවා. මේ හරක් ? වාසි තියෙනවනේ.

:       0       1

Dilan Monday, 03 February 2020 01:14 PM

මේක සුද්දන්ට වුණා නම් අපේ අයගේ කවි, නිසඳැස්, සංවේදී ප්‍රකාශ බලාගන්න තිබුණා.

:       0       50

සත්‍යපාල Monday, 03 February 2020 01:22 PM

චීන්නු කොන් නොකර බලාගන්න එක ඔහේලාගේ වැඩක්. අපි නෙවෙයිනේ උන් එක්ක ඩීල් දැම්මේ...

:       0       7

කුමාරගේ - ඇහැලියගොඩ Monday, 03 February 2020 08:22 PM

තඩි චීනෙක් ගෙදර ඉන්නවා නේද..?

:       1       0

ranjith Monday, 03 February 2020 01:30 PM

රුසියාවේ නායකයින් වහාම චීනා දෙස සීමා දොරටු වසා දැම්ම ගුවන් ගමන් චීනයේ සිට එන සියල්ලම නතර කළා.. මේවට විහිලු කතා කියලා හරියන්නේ නෑ. අපි වගේ දුප්පත් රටකට මේ ලෙඩේ අාවොත් මොකද වෙන්නේ...?

:       0       7

සංජීව Monday, 03 February 2020 03:01 PM

මෙහෙමත් පරගැතිභාවයක්. ඔයාට ඕනෑනම් චීනෙක් දෙන්නෙක් අල්ල ගන්න. අපිට නම් ඒ අය මේ රට කන්න ආපු පරයින්ම තමයි.

:       0       20

BamunuarachchiTuesday, 04 February 2020 03:47 AM

කියන දේ තේරුම් ගන්න බැරි මෙහෙමත් අය! තාත්තාට ඒඩ්ස් තිබෙනවා නම් දරුවන්ට පාසලට එන්න එපැයි කියන අය ඉන්න රටක් සිරි ලංකාව...

:       1       0

දුෂ්ට ගාමිණි Monday, 03 February 2020 06:15 PM

මේක හොඳ වෙලාව... චීනුන් ටික මේ රටෙන් පන්නන්න.. උනුත් එක්කම උන්ට රට පාවා දුන්නු නරි රැලත් රටෙන් පන්නමු.

:       1       74

rathuvithanageMonday, 03 February 2020 08:20 PM

අපි ඉන්නේ වේයන්ගොඩ. මේ හරියේ චීන්නුන්ගේ කෑම්ප් එකක් තියෙනවා. අපි 50ක් රෙඩි. එතැනින් නෙලන්න පටන් ගනිමුද..?

:       0       1

de silva Tuesday, 04 February 2020 01:26 AM

අපේ රටවැසියන්ගේ ජීවිතවලට වැඩිය චීනාගේ කොමිස් කුට්ටිය ලොකුයි. මේ වගේ විශාල වසංගතයක් තම රටේ පැතිර යනකොට චීන ආණ්ඩුවෙන් පිටරටවල අනවශ්‍ය සංචාරේ යන්න එපා කියලා අවවාද කරලා තිබෙනකොට චීනෝ තේරුම් ගන්න ඕනේ තමන්ගේ රටට වෙලා අමාරුවේ වැටිලා ඉන්න... සහෝදර ජනතාවට මුදලින් හෝ ශ්‍රමයෙන් යම්කිසි උපකාරයක් කරන්න. නැතුව මේ වෙලාවේ මෙහෙ රෝන්දේ ගහන්න අාවොත් ලංකාවේ මිනිස්සු ඔවුන් කොන් කරන එක පුදුමයක්ද? කවුද කැමති ලෙඩ වෙලා දුක් විඳලා මැරෙන්න.

:       0       18

de silva Tuesday, 04 February 2020 01:54 AM

චීන සංචාරකයින්ට ලංකාවේ මිනිස්සු කොහොමත් එතරම් කැමැත්තක් නොමැත. චීන සංචාරකයින් එන්නේ කණ්ඩායම් වශයෙන් සංචාරය සංවිධානය කරන්නේ.., චීන සමාගම්, සංචාරය කරන්නේ චීනේ නිෂ්පාදිත විශාල සුඛෝපභෝගි බස්වල, ලංකාවට අාවහම නවතින්නේ ශැන්ග්‍රිල්ලා, අහුන්ගල්ලේ රෙයු , වැනි චීන සමාගම් වලට අයිති හෝටල්වල... එමනිසා ඔවුන් තොගපිටින් ආවත් එම මුදල්වලින් වැඩි කොටසක් චීනෙම හිර වෙනවා.. අපේ ආර්ථිකයට එම මුදල් නොලැබේ. යුරෝපයේ සංචාරකයා එහෙම නොවේ... ඔවුන්ගෙන් වැඩිකොටසක් නවතින්නේ සුළු සහ මධ්‍යම ප්‍රමාණයේ ශ්‍රී ලාංකිකයින්ට අයිති හෝටල්වල, ගමන් බිමන් යන්නේ ශ්‍රී ලාංකිකයන්ට අයිති කුඩා වාහනවල, එහෙම නැතිනම් ත්‍රිරෝද රථවල, කෑම බීම කන්නේ වැල්ලේ තිබෙන කුඩා රෙස්ටුරන්ට් වල, එමනිසා ඔවුන් ගෙන එන මුදල් වලින් 95% අපේ ආර්ථිකයේ සංසරණය වෙනවා... මේ අවස්ථාවේ චීන්නු මේකේ දමාගත්තොත් මෙහෙ කොරෝනා පැතිරෙන්න ගත්තොත් යුරෝපා සංචාරකයින් පැමිණීමේ අඩුවක් අනිවාර්යයෙන්ම සිදුවෙනවා. එතකොට ලෙඩවෙන්නේ සාමාන්‍ය අපි, වැටෙන්නේ අපේ ආර්ථිකය, පවිත්‍රාට නම් කිසිම ප්‍රශ්නයක් නොමැත...

:       0       21

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 949 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1017 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 405 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site