IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


චීනයේ සහාය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරයට ඉදිරිපත් කර ඇති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයේ වාර්තාව පක්ෂපාතී යැයි එක්සත් ජාතීන් වෙනුවෙන් පත් කර සිටින චීනයේ නිත්‍ය නියෝජිත චෙන් ෂූ මහතා ප්‍රකාශ කළේය.

මිත්‍රශීලී අසල්වැසියකු ලෙස චීනය අවංකවම ශ්‍රී ලංකාවේ දේශපාලන ස්ථාවරත්වය, ජනවාර්ගික සහයෝගීතාවය සහ ජාතික සමගිය පවත්වා ගෙන යෑමට සහයෝගය දෙන බව ද චෙන් ෂූ මහතා පැවැසීය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයේ වාර්තාව පිළිබඳ අන්තර් ක්‍රියාකාරී සංවාදයේදී එක්සත් ජාතීන් වෙනුවෙන් පත් කර සිටින චීනයේ නිත්‍ය නියෝජිත චෙන් ෂූ මහතා එම කරුණු සඳහන් කළේය.

එහිදි අදහස් දැක්වූ චෙන් ෂූ මහතා මෙසේ ද කීය.

‘‘ශ්‍රී ලංකාවේ මිත්‍රශීලී අසල්වැසියකු ලෙස චීනය අවංකවම ශ්‍රී ලංකාවේ දේශපාලන ස්ථාවරත්වය, ජනවාර්ගික සහයෝගීතාවය සහ ජාතික සමගිය පවත්වා ගෙන යෑමට සහයෝගය දක්වන අතර ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධනයේ ඉදිරි ජයග්‍රහණ අපේක්ෂා කරනවා මානව හිමිකම් සක්‍රීයව ප්‍රවර්ධනය කිරීම හා ආරක්ෂා කිරීම, තිරසර ආර්ථික හා සමාජ සංවර්ධනය, ජනතාවගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම, අවදානමට ලක්විය හැකි කණ්ඩායම්වල අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, ජාතික සංහිඳියාව හා ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම ආදී කටයුතු සඳහා ශ්‍රී ලංකා රජය ගන්නා උත්සාහයන් ගැන ද අප ප්‍රශංසා කරනවා.

මානව හිමිකම් දේශපාලනීකරණය කිරීම, මානව හිමිකම් ගැන කටයුතු කරන ඇතැමුන්ගේ දෙබිඩි පිළිවෙත සහ වෙනත් රටවල අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීම සඳහා නිදහසට කරුණක් ලෙස මානව හිමිකම් භාවිත කිරීම ආදී කටයුතු වලට දැඩිව විරුද්ධ වීම චීනයේ ස්ථාවරයයි. ශ්‍රී ලංකාව පිළිබඳ මෙම සැසිවාරයට ඉදිරිපත් කොට ඇති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයේ වාර්තාවේ ඇති පැහැදිලි පක්ෂපාතී බව පිළිබඳව අපි සැලකිලිමත් වන අතර ශ්‍රී ලංකා රජය විසින් සපයනු ලබන නිල තොරතුරු භාවිත කිරීමට එම වාර්තාව අපොහොසත් වීම පිළිබඳව අපගේ බලවත් කනගාටුව ප්‍රකාශ කරනවා. ඊනියා “වැළැක්වීමේ මැදිහත්වීම” සහ වාර්තාවේ අඩංගු යෝජිත ඉලක්කගත සම්බාධක යනු ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට පැහැදිලි මැදිහත්වීමක් වන අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයට හිමි බලය ඉක්මවා යෑමක්.

මානව හිමිකම් කවුන්සිලය සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය සියලු‍ ජාතීන්ගේ ස්වෛරීභාවයට හා දේශපාලන ස්වාධීනත්වයට ගරු කිරීම සහ මෙම ආයතන අපක්ෂපාතීත්වය, සහ දේශපාලනීකරණය නොවීම ආදී මූලධර්ම දැඩි ලෙස අනුගමනය කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. මානව හිමිකම් ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය කිරීම සඳහා ජාතීන් දරන උත්සාහයන්ට ගරු කිරීම, ඵලදායී සංවාද හා සහයෝගීතාව වෙනුවෙන් පෙනී සිටීම සහ දේශපාලන බලපෑම් කිරීමේ අරමුණින් වෙනත් රටවල අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමේ පුරුද්ද අත්හැරීම වැදගත් වෙනවා.

055



අදහස් (5)

චීනයේ සහාය ශ්‍රී ලංකාවට

සිරිබිරි Friday, 26 February 2021 06:30 PM

නැතුව... කොහොම විරුද්ධ වෙන්නද මෙච්චර ණය කන්දරාවක් දීලා තියෙද්දී...

:       1       0

Lankawata Saturday, 27 February 2021 05:40 AM

තමුන්ගේ ඉඩම වටින්නේ තමන්ටම තමයි...!!!

:       1       0

Hafeel Saturday, 27 February 2021 09:50 AM

ඔව් ඉතින් ඔයාලාගේ කොලනියක් නේ....

:       14       10

naeadaSaturday, 27 February 2021 11:34 AM

ඔබට ඇමෙරිකාවේ වීසා අවශ්‍යද?

:       1       1

Rata Perata Saturday, 27 February 2021 11:31 AM

ඔව් ඉතින්... නැතිනම් මේ වගේ ගිනිපොළියට චීනෙන් ණය ගන්න මෝඩයින් රැළක් වෙන මොන රටේද ඉන්නේ?

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31173 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13327 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10961 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 62 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 896 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 269 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site