IMG-LOGO

2025 නොවැම්බර් මස 19 වන බදාදා


චීනයේ සිනොවැක් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය

චීනයේ ‍සිනොවැක් සමාගම නිපදවා ඇති කොරොනා වයිරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නත, හදිසි භාවිතයට සුදුසු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමි වී තිබේ.

'සිනොවැක්' නමින් හැඳින්වෙන මෙම එන්නත, 'කොවිඩ් 19' කොරෝනා වයිරසයට එරෙහිව චීනය නිපදවූ දෙවැනි සාර්ථක එන්නතය. චීනයේ අනෙක් සාර්ථක එන්නත වන්නේ ශ්‍රී ලංකාවේ ද භාවිතයට ගැනෙන 'සයිනෝෆාම්' එන්නතය. 'සයිනෝෆාම්' එන්නත ද හදිසි භාවිතයට සුදුසු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය දී ඇත.

ඒ අනුව, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවුණු දෙවැනි චීන එන්නත මෙයයි. මේ වනවිට චීනයේ තවත් ඖෂධ සමාගම් රැසක් ද කොරෝනා වයිරසයට එරෙහිව එන්නත් නිපදවමින් සිටින බව වාර්තා වේ. 'සයිනෝෆාම්' එන්නත සේම, මෙම 'සිනෝවැක්' එන්නත ද මාත්‍රා දෙකකින් සමන්විතය.

සිනොවැක් එන්නත ආරක්ෂිත, ඵලදායී හා ගුණාත්මක බව සහතික කර ඇති අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි භාවිත ලැයිස්තුවට ඇතුළත් කර ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රෝස් ගෙබ්‍රියේසිස් නිවේදනය කළේ ඊයේ (1) පැවැති මාධ්‍ය හමුවකදීය.

මෙම එන්නත පහසුවෙන් ගබඩා කිරීම හේතුවෙන් අවම සම්පත් සහිත පරිසරයට ඉතා සුදුසු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී ඇත.

(රොයිටර්)



අදහස් (1)

චීනයේ සිනොවැක් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය

Sri Lanka Wednesday, 02 June 2021 03:50 PM

අපේ අය ගෙනැල්ලා ගහලත් ඉවරයි. ඒ මදිවට එන්නත් කර්මාන්ත ශාලාවක් දාන්නත් හැදුවේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 74 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 902 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2530 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site