(රංජන් කස්තුරි)
චීනයේ සිට ඉකුත් දිනවල මෙරටට පැමිණි ශ්‍රී ලාංකික සිසුන් නිවෙස්වලට යෑමට නොදී විශේෂිත ස්ථානයක රඳවා තබාගැනීමේ අවශ්‍යතාවක් නැතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්(මහජන සෞඛ්‍ය) වෛද්‍ය පබා පළිහවඩන මහත්මිය පැවසුවාය.
වෙනත් රටවල එවැනි ක්‍රමවේද අනුගමනය කළද ශ්‍රී ලංකාවට එවැනි අවශ්‍යතාවක් නැතැයිද සෞඛ්‍ය අමාත්‍යංශය එම සිසුන් පිළිබඳව නිරන්තර අවධානයකින් පසුවන බවද වෛද්‍ය පබා පළිහවඩන මහත්මිය කීවාය.
“අපි නිකම්ම ඒ සිසුන් යවන්නේ නැහැ. එම සිසුන්ට පවුලේ අනෙක් සාමාජිකයන්ගෙන් තරමක් ඈත්ව ගතකරන්න පුළුවන්. සුළු හෝ රෝග ලක්ෂණ මතුවුණොත් වහාම ඔවුන් රෝහල්ගත කරනවා” යැයිද පළිහවඩන මහත්මිය කීවාය.
එම සිසුන් නිවෙස්වල විසීම පවුලේ අනෙකුත් සාමාජිකයන්ට බලපෑමක් නොවේද යන්න ගැන කළ විමසීමේදී වෛද්‍යවරිය අදහස් දක්වමින් කියාසිටියේ, ජනතාව දැනුම්වත් බවත්, මේ දක්වා කිසි ප්‍රශ්නයක් මතු වී නොමැති බවත්, ඉදිරියටත් එසේ නොවනු ඇති බවත්ය.
COMMENTS
හරිම සරලයි. කිසිම අවදානමක් නෑ... වෛරස් එක තියෙන රටේ අයම කියන දේවල්වලටත් වැඩිය දේවල් මෙයාලා දන්නවනේ..
පබානෝනා ජනාධිපතිතුමාගෙන් ගේම ඉල්ලනවා වත්ද? ඒ ළමයි ටික දවසක් වෙනම ඉඳලා රෝගය නැති බව තහවුරු කරගෙන ගෙදර ගියාම එකේ ඇති වැරැද්දක් නැහැනේ...
අනේ මන්දා... ඕං තවත් පුවතක් තිබුණා වෛරසයට එරෙහිව ක්‍රියා කළහැකි ප්‍රතිශක්තීකරණ ඖෂධයක් දේශීය වෙදකමින් සොයාගෙන තියෙනවා කියලා... සොයලා බැලුවොත් නරකද?
මේ වෛරසයේ බීජ ව්ෂණ සමය සති දෙකයි. මේ සති දෙක ඇතුලත වෛරසය ශරීර ගත වෙච්ච කෙනෙකුගෙන් තව අයට නොදැනුවත්වම බෝවෙන්න පුළුවන්. ඔය චීන "කත ගියපු තැන දැන් බලන්නේ ඒ අයට අමාරුවට නෙමේ. උගත්, බුද්ධිමත් වෛද්‍යවරු කට තිබුන පළියට දොඩවන්නේ නැහැ. මෙයා කාලයකට කලින් ගුවන් විදුලි වැඩසටහනකටත් ඇවිත් ඩෙංගු ගැනත් මේ වගේ මුසාවාද කිව්වා.
මේ විදිහට කියන්නේ කොරෝනා ගැන දන්නේ නැතුව. ඒ අයට පුළුවන් දවස් 14ක් කිසිම රෝග ලක්ෂණයක් පේන්නේ නැතුව ඉන්න...
මෙයානම් කොරෝනවට බෙහෙත් ගෙනෙන සමාගමකට වැඩ කරනවා වගේ.
මේ හරක් සහ එළදෙන්නු සමග මෙහෙ කොරෝනා අවොත් සුමානෙන් අපි ඉවරයි. මෙයා මුකුත් දන්නේ නැහැ මේක ගැන. මේ වයිරස් එකේ Incubation period එක සති දෙකක්. ඒ කියන්නේ මේක ඇඟේ තිබුනට අපි දන්නේ නැහැ සති දෙකක් යනකන්. මෙයා බලන් ඉන්නකොට මේක තව 1000 ට විතර බෝවෙලා. අනේ මෙහෙම රටක්. දේශපාලකයොත් එකයි. උගත් බුරුවොත් එකයි.
දොස්තර කෙනෙක් වුනේ කොහොමද? ඇත්තට මෙයා හොඳයි සාස්තර කියන්න නම්...