
චීනය විසින් සඳ වෙත යවනු ලැබූ චැංජි - 5 යානය සාර්ථක ලෙස අද (17) අලුයම පෘථිවියට ළඟා වූ බව චීන මාධ්‍ය පවසයි.
එය මොන්ගෝලියාවේ හිමෙන් වැසුණු තෘණ භූමියකට ගොඩබස්වා තිබේ.
යානය පසුගිය නොවැම්බර් 24 වනදා චීනයේ හයිනෑන්හි වෙන්චැන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ගුවන්ගත කරනු ලැබීය.
මෙහෙයුමේ මූලික අරමුණ වූයේ සඳේ මෙතෙක් ගවේෂණය කරනු නොලැබූ ගිනි කඳු සහිත කළාපයකින් පස් රැගෙන ඒමයි.
1970 දශකයෙන් පසු කිසියම් රටක් විසින් චන්ද්‍ර පාෂාණ ගෙනඑනු ලැබූ ප්‍රථම අවස්ථාව මෙයයි. මින්පෙර ඇමරිකාවේ ඇපලෝ සහ රුසියාවේ ලූනා මෙහෙයුම් වලින් චන්ද්‍ර පාෂාණ ගෙන එනු ලැබීය. මෙම මෙහෙයුමත් සමග පෘථිවියට චන්ද්‍ර පාෂාණ රැගෙනආ තෙවන රට බවට චීනය පත්වී තිබේ.
සඳෙන් පස් සාම්පල එකතු කිරීම සඳහා යානයට දින දෙකක් පමණ ගතවී ඇති අතර එය පස් කිලෝග්‍රෑම් 2-4ත් අතර ප්‍රමාණයක් බව චීන විද්‍යාඥයෝ පවසති. කැප්සූලය මගින් රැගෙනආ මෙම සාම්පල විශේෂ රසායනාගාරයකදී පරීක්ෂා කරනු ලැබේ.
චැන්ජි - 5 මෙහෙයුම සාර්ථකව නිම කිරීම අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ ඉදිරි අනාගතයට ආයෝජනයක් බව චීන රජය සඳහන් කරයි.
(බීබීසී ඇසුරිණි)
085

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන්ගෝලියාවේ මොකද චීන කොඩියක් ගහගෙන...?
චීන්නු හඳෙන් පස් ගෙනාවා නම් ඉස්සෙල්ලාම කරන්නේ ඩුප්ලිකේට් පස් නිෂ්පාදනය කිරීමයි. ලංකාවට ලැබෙන්නේ කොලිටි බාල ඩුප්ලිකේට් පස්. හොඳ ඩුප්ලිකේට් පස්ටික ඇමරිකාවට යුරෝපයට විකුණයි. ගොඩ රුපියලට ගන්න මිනිස්සු ඉන්නතාක් කල් චීන්නු දියුණු වෙනවා. ලාභ නම් ඕනෙම කුණුගොඩක් ගන්න මිනිස්සු ඉන්නවා.