IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


චන්දිමාල් - අකිල ටෙස්ට් සංචිතයට

(යොහාන් භාසුර)

නවසීලන්තයට එරෙහිව ලබන 14 වැනිදා ආරම්භ වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයට හිටපු නායකයකු වන දිනේෂ් චන්දිමාල් සහ පිට දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය ඇතුළත්ව සිටිති. 

ශ්‍රී ලංකාවෙන් මෑතකදී බිහිවූ විශිෂ්ට පිතිකරුවකු වන චන්දිමාල්ට ශ්‍රී ලංකා පිලේ අවසන් ටෙස්ට් තරගාවලියේදී සංචිතයේ ස්ථානය අහිමිවූ අතර එක්දින ලෝක කුසලාන තරගාවලියේදී සංචිතයේ ද ස්ථානය අහිමි විය. දකුණත් පිතිකරු 29 හැවිරිදි චන්දිමාල් ටෙස්ට් තරග 53 කදී ලකුණු 3768 ක් රැස්කර ඇති අතර එහි සාමාන්‍යය 41.86 කි. 

ශ්‍රී ලංකාවේදී පසුගිය වසර අගදී එංගලන්තයට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියේදී අකිලගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී යැයි තහනමක් පැනවීම හේතුවෙන් ඔහුට වසරකට ආසන්න කාලයක් ටෙස්ට් පිටියෙන් ඉවත්ව සිටීමට සිදුවිය. අකිල ටෙස්ට් තරග පහකදී කඩුලු 27 ක් දවාගෙන තිබේ. 

මෙම තරගාවලිය සඳහා ක්‍රීඩකයන් 22 කින් යුත් සංචිතයක් නම් කර ඇති අතර ගාල්ලේදී ලබන 14 වැනිදා ආරම්භ වන පළමු තරගය සඳහා ඉදිරියේදී 15 දෙනකු නම් කිරීමට නියමිතය. 



අදහස් (5)

චන්දිමාල් - අකිල ටෙස්ට් සංචිතයට

percy Wednesday, 07 August 2019 05:46 AM

චන්දිමාල් ඇතුළට ආවොත් ආයේ ඇතුලේ ප්‍රශ්න ඇතිවෙන එක පටන්ගන්නවා. පරණ නායකයෝ දෙන්නෙක් එකතු වුනොත් අලුත් නායකයාට කට්ට ගහන එක අනිවාර්යයෙන්ම පටන් ගන්නවා ස්ථිරයි...

:       1       22

chandanaThursday, 08 August 2019 09:29 AM

චන්දිමාල් කියන්නේ රට වෙනුවෙන් තමන්ගේ ස්ථානය කැප කරලා සතුටින් අත්පුඩි ගහපු ක්‍රීඩකයෙක්. චන්දිමාල් කියන්නේ ලෝක කුසලාන තරඟවල සිටිය යුතුම ක්‍රීඩකයෙක්. හිටියා නම් සමහර පැරදුණු තරඟ වල තීරණය මීට වඩා වෙනස් වෙන්න තිබුණා. චන්දිමාල්ටත් මාවන්ටත් වුනේ එකම අසාධාරණයක්.. ඒක වෙච්ච විදිහ විතරයි වෙනස්. කුලේ ගැන නොදන්න අයගෙන් රටටවත්, ක්‍රීඩාවටවත් සාධාරණයක් ඉෂ්ඨ වෙන්නේ නැහැ.

:       0       1

kolam boss Wednesday, 07 August 2019 05:47 AM

චන්දිමාල් එනවට කැමති කවුද අකමැති කවුද?

:       0       20

Chanak los angeles Wednesday, 07 August 2019 08:58 PM

අම්මෝ යාන්තම් ඇති. රටේ පීඩිත ජනතාවට මාර සහනයක්...

:       0       14

Bimsara wasala Wednesday, 07 August 2019 10:21 PM

චන්දිමාල් එනඑක හොඳයි.. ටීම් එක තවත් ශක්තිමත් රොෂේන්ට මොකද වෙන්නේ? හොඳ ටෙස්ට් ටීම් එකක් ඉන්නේ... තෝරන්න ගියාම හැමෝම වගේ ඇතුළට එන්න තරගයක් දෙන්න වෙයි කියන එක මගේ මතයයි..

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 171 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 153 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site