IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


චිත්‍රා වාකිෂ්ඨ දිවි රඟමඩලින් සමුගනී

(ආරියරත්න රණබාහු)

ප්‍රවීණ රංගන ශිල්පීනි චිත්‍රා වාකිෂ්ඨ මහත්මිය අද (31) අභාවප්‍රාප්ත වූවාය.

වේදිකා, සිනමා, ටෙලිනාට්‍ය, රූපවාහිනී සහ ගුවන් විදුලි නාට්‍ය හඬකැවීම් ශිල්පිනියක ලෙස ශ්‍රාවක ප්‍රේක්ෂක ජනාදරය දිනා සිටි ඇය මිය යන විට 83 වැනි වියේ පසුවිය.

සිරිසේන විමලවීර මහතාගේ පොඩි පුතා චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ඇය ගැහැණු ළමයි, සිරකරුවා, නාරිලතා, යුගාන්තය, සීතල වතුර, රෑනගිරවි, සුහද පැතුම, මීමැස්සෝ, හිතහොඳ චණ්ඩියා, ගොළු හදවත, පරසතුමල් ඇතුළු චිත්‍රපට 150 කට ආසන්න සංඛ්‍යාවක විවිධ චරිත නිරූපණය කර ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහීනි ටෙලිනාට්‍ය ඩී.බී. නිහාල්සිංහයන්ගේ ‘දිමුතු මුතු’ ටෙලි නාට්‍යයේ රඟපෑමෙන් පසු ඇය මිය යනතුරුම කෝපි කඩේ නාට්‍ය ඇතුළු ටෙලි නාට්‍ය සිය ගණනක රඟපා තිබේ.

මෙරට පැවැති ප්‍රථම ජනාධිපති සම්මාන උළෙලේ ගැහැනු ළමයි චිත්‍රපටයේ කුසුම්ගේ අම්මාගේ චරිතය නිරූපණය වෙනුවෙන් හොඳම සහය නිළියට හිමි සම්මානය ඇයට හිමි විය.

ප්‍රකට කලාකරුවකු වූ දිවංගත ලොයිඩ් වාකිෂ්ඨ මහතාගේ ආදරණීය බිරිඳ වූ චිත්‍රා මහත්මිය ස්වාධීන රූපවාහිනියේ විධායක නිෂ්පාදකවරයකු වන ප්‍රාන් වාකිෂ්ඨ මහතා ඇතුළු දරුවන් සිව්දෙනෙකුගේ මව වේ.

දේහය බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ප්‍රකාශකයෙක් කීය.



අදහස් (7)

චිත්‍රා වාකිෂ්ඨ දිවි රඟමඩලින් සමුගනී

sirimal Friday, 31 May 2019 10:26 AM

ඉතාම කනගාටුදායක පුවතක්. එතුමියට නිවන් සුව ප්‍රාර්ථනා කරමු.

:       0       0

appuhaami Friday, 31 May 2019 10:42 PM

ඔබතුමියට නිවන්සුව ලැබේවා...!

:       0       0

maalaka Saturday, 01 June 2019 12:36 AM

සාතිශය සංවේගය.

:       0       0

SHAN Saturday, 01 June 2019 05:49 AM

ඔබතුමියට නිවන් සැප ලැබේවා!!! ඔබගෙන් රටට ජනතාවට සිදු වූ සේවය අති මහත්. ඔබ වැනි අය රටට අහිමි වීම රටටම විශාල පාඩුවක් ඔබතුමියගේ නම සදාකල් ශ්‍රී ලංකාදීපයේ රැව් පිලිරැව් නැගේවා

:       0       0

Rasika Saturday, 01 June 2019 07:19 AM

තාත්වික හොඳ රංගනයක්... අපි ඔබ තුළින් දැක්කේ ඔබ අප සිත් තුළ කාලයක් ජීවත් වේවි... ඔබට නිවන් සුව..!

:       0       0

chinthaka Saturday, 01 June 2019 01:03 PM

ඔබතුමියට නිවන් සැප ලැබේවා...!!!

:       0       8

Nihal Sunday, 02 June 2019 12:24 PM

නිවන්සුව ප්‍රාර්ථනා කරමි.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 577 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site