IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


’’චිචී’’ එල්.පී.එල්. පිටියට

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල පිලට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ බාල පුත්, ජාතික රග්බි පිල නියෝජනය කළ රෝහිත රාජපක්‍ෂ ක්‍රීඩා කිරීමට සූදානමින් සිටියි.

රෝහිත රාජපක්‍ෂ, දඹුල්ල කණ්ඩායමේ ටීෂර්ට් අංක 7 යටතේ මේ වන විට පුහුණුවීම් ආරම්භ කර ඇති අතර ඔහු මීට සති තුනකට පමණ පෙර පළමු වරට අන්තර් සමාජ පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේදී කළුතර නාගරික ක්‍රීඩා සමාජය නියෝජන කන කරමින් තරගවලට සහභාගි විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් දෙවැනි එල්.පී.එල්. ක්‍රිකට් තරගාවලිය මේ මස 5 වැනිදා ආරම්භ වීමට නියමිතය. 



අදහස් (13)

’’චිචී’’ එල්.පී.එල්. පිටියට

Eranga Wednesday, 01 December 2021 12:51 PM

නියමයි.. ඔය ගැම්මටම යොහානි එක්ක සිංදුවකුත් කියමු.. එතකොට 69 ලක්ෂයට සනීපෙට නින්ද යයි...!!!

:       48       50

පිටිගල මිලානෝ Wednesday, 01 December 2021 02:22 PM

මට බය යොහානිට කියලා මහරජා සිංදුව නැවත කියවා ගනියිද කියලා. එහෙව් කට්ටිය...!!!

:       20       23

Shan Wednesday, 01 December 2021 01:12 PM

කරන වැඩවලට ගැලපෙන නමක් නම් දැගෙන තියෙනවා. ‘‘ චී.. චී..‘‘

:       2       26

sharm warn Wednesday, 01 December 2021 01:27 PM

එච්චරයි අඩුවට තිබ්බේ .

:       0       22

Nuwan Wednesday, 01 December 2021 02:13 PM

ගඩාෆිගේ පුත්තු ටික මතක් වුණා..!

:       1       26

Pmalsinghe Wednesday, 01 December 2021 02:30 PM

ඉළඟ ක්‍රිකට් සභාපති...! ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බංකොළොත් භාවය...

:       0       23

Royfedricks Wednesday, 01 December 2021 02:58 PM

ජීවිත කාලයෙන් අඩක්ම පුහුනුවට කැප කරල දස්කම් දක්වන තරුණ කැලට ලැබෙන්න තිබෙන අවස්ථා මෙවන් පරපෝශිතයන් විසින් ඩැහැගැනීම සත්ව ලෝකයේ නීතියට පමණයි අනුකූල.බලවත් සත්වයා සෑම දෙයක්ම ගොදුරු කරගනී.එහෙත් අද අප ජීවත්වන්නේ ශිශ්ට සම්පන්න ලොවකය.ලංකාවේදී කෙසේ වෙතත් එය අන් රටවලදී බොහෝවිට සුදුස්සාට සුදුසු තැන හිමිවේ.

:       2       26

Hafeel Wednesday, 01 December 2021 03:12 PM

කිසිම දුකක් නැති වාසනාවන්ත පවුලක්. මේ පවුල සදාකාලික රජ කරන්න යෝජනාවක් ගෙනාවුත්, ඒකටත් අත උස්සන්න තරම් කට්ටිය මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා.

:       0       0

Asanga Wednesday, 01 December 2021 03:48 PM

මේ රටේ සුදුස්සන්ට නිසිතැන නොදී අපතයින් ඉන්නකම් මෙහෙම වෙයි. කලකට පෙර රොකට් එකක් යැව්වා... දැන් ක්‍රිකටුත් ඉවරයි. ඇත්තටම මේ අය හිතන් ඉන්නේ එයාලගේ බූදලයක් කියලා.. කර්මය පලදෙන විට දරුවන්ගෙනුත් ඵලදේවි..

:       0       13

Gayan Wednesday, 01 December 2021 04:15 PM

ඊළඟට ජාතික කණ්ඩායමට... ක්‍රිකට් බලලත් හමාරයි...

:       0       0

de silva Wednesday, 01 December 2021 04:27 PM

මට තාජුදින් මතක් වුනා

:       0       0

Demuni Uduwara Wednesday, 01 December 2021 08:37 PM

මේ ඔක්කොම කෙටිකාලීන නාට්‍ය විතරයි...

:       0       3

de silva Wednesday, 01 December 2021 09:50 PM

පිටිගල මිලානෝ, මෙන්න ඔබ ඉල්ලපු යොහානිගේ අලුත්ම ගීතය... ‘‘ මහරජා මගේ හිතේ... චී චියා ගැනම හිතේ... චී චියා ළඟම දැවටිලා...‘‘

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1551 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1356 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 488 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site