IMG-LOGO

ඝාතනයකට සැකපිට හිමිනමක් - තරුණයන් දෙදෙනෙක් අත්අඩංගුවට

(ගල්කිරියාගම කුෂාන් ජයවර්ධන)
(ඡායාරූප - ඩබ්.එස්. පියතිලක)
තරුණයකුගේ ඝාතනයක් සම්බන්ධයෙන් සැකපිට හබරණ උල්පතගම ප්‍රදේශයේ 27 හැවිරිදි විහාරාධිපති හිමිනමක් ඇතුලු තරුණයින් දෙදෙනකු හබරණ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පලුගස්වැව උල්පතේගම පදිචිව සිටි සුරේෂ් රවීන්ද්‍ර කුමාර නමින් හදුන්වන වයස අවුරුදු 30ක් පමණ වන තිදරු පියෙකි. මිය ගිය තරුණයා ඉකුත් 17 වැනදා සිට අතුරුදහන්ව ඇති බවට ඔහුගේ පවුලේ ඥාතීන් ඊයේ (18) හබරණ පොලිස් ස්ථානයට පැමිණීල්ලක් කර තිබිණ. එම පැමිණීල්ල අනුව විමර්ශන ආරම්භ කර ඇති හබරණ පොලිසිය පලුගස්වැව ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති හිමිනමක් හා ප්‍රදේශයේ පදිංචි තවත් තරුණයන් දෙදෙනෙකු  පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.  

මිය ගිය තරුණයා හා අදාල හිමිනම ඇතුලු පිරිස අතර ඇතිවූ ආරවුලකින් පසු සැකකාර හිමි නම ඇතුලු පිරිස එක්ව තරුණයා ඝාතනය කර කැලෑබඳ ප්‍රදේශයක වලදමා ඇතැයි පොලිසිය කියයි. එම සිරුර සෙවීම සඳහා මේ වනවිටත් පොලිස් මෙහෙයුම් අරඹා තිබේ. පොලිස් නිලසුනඛ අංශයේ සහයද පරීක්ෂණ කටයුතු සඳහා ලැබී තිබේ.

පෙරේදා 17 මෙම ඝාතනය සිදුවූ බවත් අදාළ තරුණයාගේ අතුරුදහන්වීමත් සමඟ ගම්වාසීන් ඊයේ (18 වැනිදා) එම තරුණයා සෙවීමේ මෙහෙයුමක් ප්‍රදේශය පුරා ක්‍රීයාත්මක කරද්දී සැකකාර හිමි නමද ගම්වාසීන් සමඟ එම සෝදිසි මෙහෙයුම් සදහාද එක්ව ඇතැයිද පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්දයෙන් හබරණ පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන කරයි.

 



අදහස් (14)

ඝාතනයකට සැකපිට හිමිනමක් - තරුණයන් දෙදෙනෙක් අත්අඩංගුවට

Buddika Saturday, 19 January 2019 10:09 AM

කාලකණ්ණි, අර උතුම් බුදු දහමත් විනාශ කරනවා. මේවා කරනකම් මහනායකවරු පට්ටම විතරක් තියාගන බලාගෙන ඉන්නවා. දේශපාලකයන්ගේ පිරිකරට ආශීර්වාද කරමින් සුඛෝපභෝගීව ඉන්නවා.

:       186       214

siri Saturday, 19 January 2019 10:37 AM

මුණ ගැසීමට පැමිණෙන එක එක ජාතියේ දේශපාලඥයින් කියන කියන දේවල් වලට එක එක නිවේදන නිකුත් කරනවාට වැඩිය, මහා නායක ස්වාමින් වහන්සේලා සංඝ ශාසනය පත්ව ඇති කනගාටුදායක විනාශය පෙන්නුම් කරන මේවගේ දේවල් ගැන වැඩිපුර සොයා බලා භික්ෂුන් වහන්සේගේ විනය නගා සිටුවීම සඳහා නිසි පිළියම් යෙදීමට නේද කටයුතු කල යුත්තේ.

:       219       258

Sapumal. Saturday, 19 January 2019 11:02 AM

මේ හිමි නම මිනීමැරුමට සම්බන්ධ බව හරිහැටි ඔප්පු වුනොත් උතුම්වූ බුද්ධ ශාසනයට සිදුවූ හානියට වගකිව යුතු මහානායක හිමිවරුන් විනයානුකූලව ගන්නා පියවර ගැන දැනගන්න කැමතියි. හැමදේටම නිවේදන නිකුත්කොට මැදිහත් වෙන උන්වහන්සේලා මෙහිදී මුනිවත රකීවිද දන්නේ නැහැ. අනේ ශාසනයකට ගිය කල..!

:       286       304

Sapumal.Sunday, 20 January 2019 05:59 AM

අප භික්ෂුන් වහන්සේට නීති දාන්න යනවා නොවෙයි. ඒත්, වර්තමානයේ සමහර දේ දකිනවිට අප නිවැරදි දේ ගැන අවධානය යොදවනවා. සම්බුද්ධ ශාසනය භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වනක් පිරිසටම අයිතියි. ඒ නිර්මල උතුම් දහම කිලිටි කරන අයට නිසි අයුරු ක්‍රියාකිරීම අපගේ වගකීමයි. එය සැබෑ බෞද්ධ කමයි.

:       0       11

Sapumal.Sunday, 20 January 2019 06:17 AM

අප භික්ෂූන් වහන්සේට නීති දාන්න යනවා නොවෙයි. ඒත්, වර්තමානයේ සමහර දේ දකිනවිට අප නිවැරදි දේ ගැන අවධානය යොදවනවා. සම්බුද්ධ ශාසනය භික්ෂු, භික්ෂුණී, උපාසක උපාසිකා යන සිව්වනක් පිරිසටම අයිතියි. ඒ නිර්මල උතුම් දහම කිලිටි කරන අයට නිසි අයුරින් ක්‍රියාකිරීම අපගේ වගකීමයි. එය සැබෑ බෞද්ධකමයි..

:       0       77

Rohana Sunday, 20 January 2019 02:07 AM

මොහු හාමුදුරුකෙනෙක් නොව චීවරධාරියෙක් නේද?

:       0       0

thilak Sunday, 20 January 2019 05:01 AM

නීච, බලලෝභි, අසීලචාර, චීවරධාරීන් වැඩි වෙලා තියෙන්නේ. පන්සල් සංස්කෘතික මධ්‍යස්ථාන වෙලා, සංස්කෘතිය වද පීදිලා..

:       0       0

kavindu Sunday, 20 January 2019 05:29 AM

ගොඩක් අයගේ අදහස් වලින් පෙනී යන්නේ, එයාලා නඩුව විභාග කරලා නඩු තීන්දුවත් දී ඇති බවයි... මතකද මහත්තයෝ අර මරණ දඩුවම දෙන්න ඕනේ කියා රටම ඉල්ලපු කොන්ඩයගේ කතාව? අන්තිමට ඔප්පු වුණා නේද ඔහු නිර්දෝෂයි කියලා?

:       0       0

BamunuarachchiSunday, 20 January 2019 05:04 PM

ඔබ හරි...

:       0       0

Bamunuarachchi Sunday, 20 January 2019 10:12 AM

කොහෙවත් මුල්ලක පන්සලක් අටවාගෙන චීවරයක් පොරවාගෙන ඉන්න අය ගැන සෙවීම මහනායක හිමිවරුන්ට කරන්න පුළුවන් දෙයක් නොවෙයි. ගමේ මිනිසුන්ට ඊට වඩා ලෙහෙසියෙන් මොවුන්ගැන සොයාබලා පන්සල්වලින් එලවාදැමිය හැකිය. පාරේ උද්ඝෝෂණවලට එන්නේ චීවර පොරවාගත් විශ්ව විද්‍යාල කොල්ලන්මය. ඒවා මැඩ පැවැත්විය හැක්කේ මිනිසුන්ටමයි. චීවරය දුටුපමණින් හතරගාතේ දමා වඳින මිනිසුන් ඉන්න රටක් හොරචීවර ධාරීන් එලවා දැමීමට නොහැක.

:       52       200

Bangomunu.Sunday, 20 January 2019 12:28 PM

එතකොට ඔබතුමාත්, ලොක්කාත් අභයාරාමේ පැත්තේ අයට වඳින්නේ... එහෙනම් ඔබලා ඒ අයට හතරගාතෙන් වඳින්නෙත් ඒ අය දේශපාලන සිල්වතුන් නිසා වෙන්න ඇති නේද? තමන්ගේ පැත්තේ හෙළුව නොපෙනේ. එහෙත් අනුන්ගේ පමණක් හෙළුව පෙනේ. එතකොට ඒ අය මොන චීවරධාරීන්ද?

:       53       105

BamunuarachchiSunday, 20 January 2019 05:01 PM

ඒ චීවර ධාරීන් තමයි ලිට්රෝ ගෑස් එකෙන් කහිනවට කුලී ගන්න එවුන්... අනික් අය තමයි ඔහෙලගේ මහා කෙනා උඩබලාගෙන ඉන්නකොට පිරිත් නූල් බඳින චීවර ධාරීන් හරිද? දෙමළ ඩයස්පොරාවත් එක්ක හැප්පුණු මට ඔහෙලා කව්ද? රටේ මහා බැංකුව කොල්ලකාපු අයටයි අපි කතා කරන්නේ... සිංහලයාට තම රට බේරාදුන් නායකයෙක් වෙනුවෙන්. එපමණයි වෙනස තමන්ගේ හෙළුව තමන්ම වසාගන්න...

:       2       66

Bangomunu.Monday, 21 January 2019 01:43 AM

කප්පරක් හොරකම් කරපු අය මහ බැංකු හොරකම ගැන විතරක් කතා කරනවා. මහා බැංකු හොරකම වගේම කප්පරක් හොරකම් වලටද දඬුවම් තිබිය යුතුයි. අපේ නායකයා බුදු හාමුදුරුවොයි. ඊට වැඩිය ලොක්කෙක් අපට නැහැ. ජාතිය සහ ආගමේ එල්ලිලා රට රවටන හොරුන්ට ජනතාව නොරැවටිය යුතුයි. සිංහලයා බේරාගන්න ලොකුම උපකාරය කලේ සරත් ෆොන්සේකා ඇතුළු රණවිරුවන්... ඒක තනි පුද්ගලයෙකුට විතරක් අයිති නැහැ. එහෙනම්, කේ.පී.ගේ මුදල් ගත්තේ. කොටින්ගේ රත්තරන් ටික ගත්තේ... යුද්ධය දඩමීමා කරගෙන හොරමැරකම් කලේ. ඒක සිංහලකමද? කුලය, මලය ගැන සොයන්නා වසලයෙකි. වසලයන් කවදාවත් දැහැමි වෙන්නේ නැත. කිරිවලින් නෑව්වත් අඟුරු කිසිදා සුදු නොවේ. මධ්‍යස්ථව සත්‍ය දකින්න. ජාතිවාදී හා අන්තවාදී නොවන්න. අසත්පුරුෂ බවෙන් මිදෙන්න...

:       26       38

asif Sunday, 20 January 2019 12:29 PM

මේකටත් අපේ තොප්පි තමයි හේතුව කියාවිද? කෝකටත් අපේ තොප්පි තමයි වගකියන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 190 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 696 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1095 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site