පැණිබීම සදහා පනවා තිබූ වර්ණ සංකේත ක්‍රමය අප්‍රේල් මස 01 වැනිදා සිට අනෙකුත් ඝණ ආහාර සදහා ද ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ.
අධික සීනි, ලුණු සහ තෙල් භාවිතා කිරීමෙන් ජනතාව රෝගවලට ගොදුරුවීම දිනෙන් දින ඉහළ යාම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.
දියවැඩියා රෝගීන් අවම කිරිම සදහා පැණිබීම වලට වර්ණ සංකේත ක්‍රමයක් ක්‍රියාත්මක කළ අතර එය පසුගි 2017 වසරේ සිට ක්‍රියාත්මකය.
එම වර්ණ සංකේත ක්‍රමය ඝණ ආහාර, අර්ධ ඝණ ආහාර සහ දියර ආහාර සදහා ද ක්‍රියාත්මක කිරීම පිළිබදව යොමු අවධානය මත මෙම තීරණය ගෙන ඇතැයි අමාත්‍යංශය පවසයි.
1980 අංක 26 දරණ ආහාර පනතට අනුව නව නියෝගය අප්‍රේල් මස 01 දා සිට ක්‍රියාත්මක කරන ලෙසට සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාරිසරික හා ආහාර සෞඛ්‍ය පිළිබද නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් මහතාට සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දී තිබේ.
එම නීතීය ක්‍රියාත්මක වු පසු ඝණ ආහාර, අර්ධ ඝණ ආහාර සහ දියර ආහාර වල අධික සීනි, ලුණු සහ මේදය අඩංගු වන්නේ නම් ඒ සදහා වර්ණ සංකේතයක් ආහාර ලේබලයේ ප්‍රධාන රාමුවේ ප්‍රදර්ශනය කළ යුතුය.
මේ සම්බන්ධව ආහාර නිශ්පාදකයින්ද මේ වනවිට දැනුම්වත් කර ඇතැයි සේක්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත මෙය ක්‍රියාවට නැංවේ.
(36698)
COMMENTS
මේක හොඳ වැඩක්... ඒ වගේ නීති තදින්ම ක්‍රියාත්මක කරන්න ඕනෑ...
මිලාන් නගරයේ ඕනෑම කැෆේ එකකින් ප්‍රනීත ලංකාවේ තේ කෝප්පයක් බොන්න පුළුවන් වුණත් තේවලට ලෝක ප්‍රසිද්ධ ලංකාවේ විතරමයි 'හරි හමං' තේ එකක් බොන්න බැරි... තේ කෝප්පයක් බොන්න කියා කඩේකට ඔලුව දැම්මොත් තියෙන්නෙම සීනි වතුරට කෝපි ටිකක් කවලම් කරලා අපිව දියවැඩියාවෙන් ලෙඩ කරවන අර බහුජාතික සමාගමට අයත් මැෂින් එකයි. ඒ කඩවල තේ නැත. තවත් තැනකට ගිහින් තේ කෝප්පයක් ඉල්ලුවාම උණුවතුර කෝප්පෙකට තේ යයි කියන කළු කුඩු පැකට්ටුවක් දමා දෙනවා. තේ කොළ දමා ප්‍රමාණයට තම්බා නියමාකාරයෙන් සාදන තේ එකක් බොන්න නම් යන්න වෙලා තියෙන්නේ තරු පහේ හෝටලයකට විතරමයි. රටකට ගිය කල..!
පිටිගල මිලානෝ මිත්‍රයා ගණන් ගන්න එපා. මේක බල්ලෝ මරලා හරි සල්ලි හම්බකරන ලෝකේ අමුතුම මිනිස්සු ඉන්න අමුතුම රට