(මනම්පිටිය- නිමල් ජයරත්න)
පොළොන්නරුව දිඹුලාගල මාලිගාතැන්න ප්‍රදේශයේ ගොවිපලක් සහ වී වගාව රැක ගැනිමට ගිය සිවිල් ආරක්ෂකයින් දෙදෙනෙකු සහ වී ගොවින් දෙදෙනෙකු ගං වතුරට කොටු වි සිටියදි අද (21) උදෑසන මුදා ගත් බව පොළොන්නරුව රිදි පොකුණ සිවිල් ආරක්ෂක මුලස්ථානයේ අණදෙන නිලධාරි මේජර් දිනේෂ් කුමාර මහතා පවසයි.
බෝට්ටු මගින් ගොස් ලණු ආධාර මත පැය 08 ක මෙහෙයුමකින් පසුව එම පුද්ගලයන්ගේ ජිවිත බේරා ගැනිමට වැලිකන්ද රිදිපොකුණ සිවිල් ආරක්ෂක බලකායේ ජිවිත ආරක්ෂක ඒකකයේ නිලධාරින් දස දෙනෙකු එක්ව සිටි බව කුමාර මහතා කිය.
මාදුරුඔය සහ කුඩාඔය පිටාර ගැලිම සහ ප්‍රදේශයට පවතින අධික වර්ෂාව නිසා මෙම ගංවතුර තත්වය හටගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd