IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


ගිං ගඟේ ජල මට්ටම අද යළිත් සුළු වැඩිවීමක්

(ජේ.කේ.එල් චාමින්ද)
 
ඇදහැළෙන වර්ෂාවත් සමඟ ගිංගඟේ  තවලම ජල මාපකයේ ජල මට්ටම අද (22) උදෑසන 8.00 ට පමණ වන විට මිටර් 4.17 දක්වා සුළු වැඩිවීමක් දක්නට තිබූ බව ගිංගඟ වාරිමාර්ග ඉංජිනේරු නිලංග සුභසිංහ මහතා පවසයි.

සුළු ගංවතුර තත්වයක් ඇතිවීම සඳහා තවලම ජල මාපකයේ ජල මට්ටම මීටර් 4.5 දක්වා වැඩිවිය යුතු අතර මේ වනවිට සුළු ගංවතුර තත්වයකට  පවා ජල මට්ටම ඉහළ ගොස් නොමැති බවද  වාරිමාර්ග  ඉංජිනේරු සඳහන් කළේය.

බද්දේගම ජල මාපකයේ අද (22) වන විට ජල මට්ටම මිටර් 3.09 දක්වා සුළු වැඩිවිමක් දක්නට තිබූ බව පවසන වාරිමාර්ග ඉංජිනේරු  ගිංගඟ අනාරක්ෂිත කලාපයේ පහත්බිම් ජලයෙන් යටවී ඇති බවද සඳහන් කළේය.

මේවනවිට ජලය බැසයාම සඳහා ගිංතොට හා මහමෝදර යන මෝය කටවල් විවෘත කර ඇති බවද වාරිමාර්ග ඉංජිනේරු වැඩිදුරටත් සඳහන් කළේය. 

එමෙන්ම ගංගඟේ වක්වැල්ල පාලමේ ඇදිවල සිරවී ඇති සුන්බුන් ඉවත් කිරිමේ කටයුතු  නාවික හමුදාව මගින් සිදුකරන අතර ඒ සඳහා  ගිංගඟ වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලයේ ද සහයෝගය ලැබී තිබේ.

ඇදහැලෙන වර්ෂාවත් සමඟ ගොයම් කපා ගැනීමට නොහැකි වීමෙන්  ගොවීන් අපහසුතාවයට පත්ව සිටින බව ගොවීහු පවසති. දැනට ගොයම් පැසී තිබෙන කුඹුරුවලට ජලය පතිතව තිබීමෙන්  අස්වැන්න නෙළා ගැනීමට නොහැකි තත්වයක් උදාවී තිබේ.

ගතවු පැය 24 තුළ ගාල්ල දිස්ත්‍රික්කයේ වැඩිම වර්ෂාපනය පතිත වී ඇත්තේ ඉමදුව හා යක්කලමුල්ල යන ප්‍රදේශවලට වන අතර ඉමදුවට මිලිමිටර් 167ක වර්ෂාපතනයක් හා යක්කලමුල්ලට මිලිමිටර් 106 වර්ෂාපතනයක් පතිත වී තිබූ බව ආපදා කළමනාකරණ ඒකකය පවසයි.



අදහස් (0)

ගිං ගඟේ ජල මට්ටම අද යළිත් සුළු වැඩිවීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 433 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 455 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 412 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site