
(මොහොමඩ් ආසික්)
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී සිරුරට ගිනි ඇවිලීමෙන් මිය ගිය නුවරඑළිය ඩයගම ප්‍රදේශයේ පදිංචි හිෂාලිනී ජූඩ් දැරියගේ මරණය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කර වැරදි කරුවන් නීතිය හමුවට ගෙන එන ලෙස රජයට බල කරමින් ගෘහස්ථ කම්කරු සංගමය අද (23) මහනුවර නගරයේදී උද්ඝෝෂණයක් පැවැත්වූහ.
නගරයට පා ගමනින් පැමිණි ගෘහස්ථ කම්කරු සංගමයේ සාමාජිකාවන් මහනුවර ජෝර්ජ් ඊ ද සිල්වා උද්‍යානය ඉදිරිපිටදි සිය විරෝධතාවය පැවැත්වූහ.
මෙහිදි ඔවුහු විවිධ විරෝධතා පාඨ සහිත පුවරු රැගෙන ඉල්ලා සිටියේ හිෂාලිනී දැරියගේ මරණය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කර වැරදිකරුවන් නීතිය හමුවට ඉදිරිපත් කරන ලෙසයි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd