
(විනීතා එම් ගමගේ)
ප‍්‍රමිතියෙන් තොර ගෑස් සිලින්ඩර සියල්ල ආපසු ගෙන්වා ගෙන නිසි ප‍්‍රමිතියෙන් යුත් ගෑස් සිලින්ඩර පාරිභෝගිකයන්ට ලබා දීමට ගෑස් සමාගම කටයුතු කළ යුතු යැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය ප‍්‍රකාශ කළාය.
ඒ සඳහා ප‍්‍රතිපාදන නැන්තම් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ මාස හයක වැටුප් ඒ සඳහා යොදවා ගන්නට කටයුතු කරන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව ද ඇය පැවැසුවාය.
එසේ වැටුප හය මාසයක් ලබා දෙන්නට තමන් සූදානම් බව ද මන්ත‍්‍රීවරිය කියා සිටියාය.
ගීතා කුමාරසිංහ මහත්මිය මේ බව කියා සිටියේ නාවල පිහිටි ඇගේ නිවසේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
එහි දී තවදුරටත් අදහස් දැක්වූ මන්ත‍්‍රිනිය අද වන විට මෙරට දුප්පත් පොහොසත් වෙනසක් නැතිව කාන්තාවන් අති බහුතරය සිටින්නේ බියෙන් ඇලලෙමින් යැයි ද පැවැසුවාය.
පරණ ගෑස් සිලින්ඩර් තොගයක් ගෙනැවිත් තින්ත ආලේප කර පුරවා බෙදා හැරි බවට ආරංචියක් පැතිර යන්නේ යැයි ද පත් කර ඇති කමිටුව ඒවා පිළිබඳව සොයා බැලීම අනිවාර්යයෙන් කළ යුතු යැයි ද ඇය සඳහන් කළාය.
කොයි මොහොතේ ගෑස් සිලින්ඩරය ගිනි ගනීවි දැයි සැකයෙන් බියෙන් සිටින්නට ජනතාවට සිදුව ඇති මේ මොහොතේ කමිටුවේ නිර්දේශ ඉක්මනින් කි‍්‍රියාත්මක කරන්නට රජය පියවර ගනු ඇතැයි විශ්වාස කරන බව ද කුමාරසිංහ මහත්මිය තවදුරටත් කියා සිටියාය.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)
2025 නොවැම්බර් මස 04
529
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1686
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගෑස් වෙනුවෙන් ගීතා
de silva Wednesday, 01 December 2021 06:30 PM
බොල, ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා නම් ඔය ආණ්ඩුවෙන් එළියට ඇවිත් ස්වාධීන වෙයව්.නැතිනම් ඕකෙ ඇතුළේම හිටපියව්... නිකන් බොරුවට අපිව අන්දවන්න හදන්න එපා.
ganegoda Wednesday, 01 December 2021 06:33 PM
ඔය පොහොට්ටුවේ ගෑස් බෝම්බ සල්ලිදීලා ගත්ත අය මැරිලා ඉවරයිනේ...
sena Wednesday, 01 December 2021 06:38 PM
අනේ නෝනෙ... එතකොට වෙච්චි විනාශයට වන්දි ගෙවන්නේ කවුද? ජනතාව පරීක්ෂණ කරන්න යොදාගත්ත එකට දඬුවම් නැද්ද? ඔබතුමීත් ගාණට ගෑස් කම්පැණි වලට කඩේ යනවා නේද?
Lanka Wednesday, 01 December 2021 07:08 PM
ආයෙත් පුපුරනවාද බලන්නද?
සිල්වා Wednesday, 01 December 2021 08:03 PM
ඔබතුමීයගේ උපදෙස වහාම ක්‍රියාත්මක වන පරිදි කටයුතු කරන්නේ නම් ප්‍රශ්නය විසඳන්න හැකියි...
Perera Thursday, 02 December 2021 05:03 AM
මෙයත් ගෑස් බැහැපු සිලින්ඩරයක් වගේ දැන්..
priyantha Thursday, 02 December 2021 08:10 AM
මගෙත් දැන් ගෑස් බැහැලා තියෙන එකේ ගෑස් ටැංකිය කරට අරගෙන ටිකක් රංගනයක් දැම්මොත් ගොඩතමයි.
sharm warn Thursday, 02 December 2021 08:55 AM
නියමයි හුරේ
Gunathilaka Thursday, 02 December 2021 01:15 PM
ගෑස් කාන්දු වන විට අපි එය වහාම හඳුනාගෙන ආරක්ෂාව සඳහා පියවර ගනිමු. කරුණාකර අපගේ ආරක්‍ෂිත භාවිතය සඳහා ගඳ සුවඳ ක්‍රම වැඩිදියුණු කරන්න