
(නිමල කොඩිතුවක්කු)
කමිටු පත්කර ජනතාව නොමග යවනවා වෙනුවට ගෑස් පිළිබඳව සිදුවූ වංචනික ක්‍රියාවන් සහ ගෑස් සංයුකිය වෙනස් කොට ජන ජිවිත අනතුරේ හෙලිමට කටයුතු කළ සියල්ලන් නීතිය හමුවට පමුණුවන ලෙස ඉල්ලීමක් කරන බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබංඩාර මහතා පවසයි.
ගෑස් පිපිරිම් තුළින් හානි වූ සියලු දෙනාට වහාම වන්දි ගෙවිමට පියවර ගන්නා ලෙස සමගි ජන බලවේගය ආණ්ඩුවට බලකොට ඉල්ලා සිටින බවත් මහ ලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
“රට පුරා ගෑස් කාන්දුවිම් ආශ්‍රිතව වූ පිපිරිම් සංඛ්‍යව දිනෙන් දිනම ඉහළ යමින් පවතී. මේ වන විට සිදුව ඇති පිපිරිම් සංඛ්‍යව තිහකට වැඩි බව වාර්තා වේ. මෙම පිපිරිම් තුළ රටේ ජනතාවගේ ජීවිත බරපතල ලෙස අනතුරට ලක්ව ඇත. එසේ තිබියදි ආණ්ඩුව සුපුරුදු පරිදි ගැටළුව වෙනත් මානයකට රැගෙන යාමට උත්සාහ දැරිම අතිශය කණගාටුදායකය. පුපුරන්නේ ගෑස් ටැංකි නොවන බවත් රෙගියුලේටර, ගෑස්බට ලිප් මත වැරදි පවරමින් වගකිවයුතු අමාත්‍යවරු උත්සාහ දරනුයේ කවුරුන් ආරක්ෂා කිරිමටද යන්න අප ප්‍රශ්න කරමු.
පසුගියදා ලිට්ට්‍රෝ සමාගමේ සභාපති වරයා පැවසුවේ ඉතා අවාසිදායක ගිවිසුමක් අත්සන් කොට ගෑස් ලබා ගැනිම නිසා විශාල ගැටලුවක් ඇති වු බවයි. එම ගිවිසුම හරහා පැහැදිලිවම වංචාවක් සිදුව තිබේ. ඒ පිළිබදව මාධ්‍ය හමුවක් පවත්වමින් ලිට්ට්‍රෝ සභාපතිවරයා කිවේ අවම වශයෙන් රුපියල් බිලියන 10 ක පමණ පාඩුවක් සමාගමට සිදුව ඇති බවත් එය කාගේ හෝ සාක්කුවකට වැටි ඇති බවත්ය.
මේ මොහොතේ ගෑස් සිලින්ඩරයේ ධාරිතාව වෙනස් කරමින් ජනතාව අනතුරට හෙලනුයේ මෙම වංචාව තුල සිදුව ඇති පාඩුව පියවා ගැනිමටද යන්න පිළිබදව සාධරන සැකයක් ජනිත වේ.
සමගි ජන බලවේගයේ මන්ත්‍රි කණ්ඩායමක් ප්‍රමිති ආයතනයෙන් කළ විමසුමට මේවන තෙක් පිළිතුරක් හෝ ලබා දි නොමැත. ගෑස් පිළිබදව පාර්ලිමේන්තුවේ ප්‍රශ්ණ කරන විට අමාත්‍යවරුන් සභාවේ නොසිටිම ගැන කනස්සල්ල පලකලේද ගරු කතානායකතුමාම වේ.
ජනාධිපතිතුමා පෙර පරිදිම මේ පිළිබදව සෙවිමට යැයි පවසා විශාල කමිටුවක් පත්කර ඇත. මේ වන කටයුතු සැබවින්ම ගැටලුව යටපත් කිරිමට දරන උත්සාහය මිස අනෙකක් නොවේ. ඒ තුළ සංයුතිය වෙනස් කළ ගෑස් ටැංකි පුපුරා හෝ අවසන්ව යනු ඇත. ප්රශ්නය එලෙස නිමා කිරිම ආණ්ඩුවේ උත්සාහය බව පෙනේ.” යැයිද එහි සඳහන් වේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයේ සහ පුද්ගලික ආයතන සියල්ල දේශපාලනීකරණය වීමේ ප්‍රතිඵල...!
කෝ මේ විපක්ෂයේ ඉන්නකොට විතරක් කෑ ගහන විමල්..? මේ අසාමාන්‍ය ගෑස් කාන්දුව ගැනත් කෑ ගහන්නකෝ..? මේකත් විජාතික බලවේගයක් වෙන්න පුළුවන්...
එහෙම ගියොත් අලගියමුල ගිය තැන් එලියට හෙවත් කොමිස් මුල්දල් එලියට