(ඩයනා උදයංගනී)
වෙළඳපලට නිකුත් කරන ගෑස්වල ප්‍රමිතිය මේ වන විට සහතික කර ඇති බවත්, එහි ඇති ප්‍රොපේන් ප්‍රතිශතය ගෑස් සිලින්ඩරම මත මුද්‍රණය කළ නව ප්‍රමිති සහතිකය සහිත ගෑස් සිලින්ඩර් හෙට (21) සිට වෙළඳපලට නිකුත් කරන බවත් ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා පැවසීය.
මෙම ගෑස් සිලින්ඩර භාවිතය ගැන ජනතාව කිසිසේත් බිය නොවිය යුතු බව කී සභාපතිවරයා තමන් භාවිතා කරන ගෑස් ලිප, රෙගියුලේටරය ආදියේ ප්‍රමිතිය ගැන සොයාබලන්නැයි පාරිභොගිකයන්ගෙන් ඉල්ලා සිටින බව සඳහන් කළේය.
පසුගිය දා ගෑස් සිලින්ඩරයක් පුපුරා සිවුදරු මවක් මියයෑමේ සිද්ධිය සිදුවූ ස්ථානයට තම සමාගමේ නිලධාරීන් ගොස් පරීක්ෂාවක් කළ බව කී තෙෂාර ජයසිංහ මහතා ඔවුන් රෙගියුලේටරය හා ගෑස් ලිප සම්බන්ධ කර තිබුණේ නාන කාමරවල ෂවරය සම්බන්ධ කිරීමට භාවිතා කරන වර්ගයේ බටයක් බව එහිදී තහවුරු වූ බව කීවේය.
සභාපතිවරයා මේ බව පැවසුවේ “ගෑස් දමන ගෑස්” තේමාව යටතේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දී අද (20)පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
වෙළඳපලට ගෑස් නිකුත් කිරීම දින කිහිපයක් තිස්සේ සිදුනොවීම නිසා දැනට ඇතිවී ඇති ගෑස් හිඟය මගහැරීමට තවත් යම් කාලයක් ගතවනු ඇතැයි ද ජයසිංහ මහතා කීවේය.
COMMENTS
අපි නාගානන්ද කොඩිතුවක්කු මහතාට ගරු කරනවා. කුස්සියෙන් බෝම්බ ඉවත් කළාට...
අපි තමයි හොඳටම කරලා තියෙන්නේ... ඒක කියන්න කවුරුවත් නැහැ..
ඔය වගේ කතා කලින් කීයක් නම් කිව්වාද? මිනිස් ජීවිත කීයක් බිලි ගත්තාද? බොරු කතා නම් එමටයි. ගෑස් කොම්පැණිකාරයින්ගේ සහ බලධාරින්ගේ....
දැන් ඉතින් මොනව මොනවා හරි කියාවි. පාඩුව ඒ දරුපවුලට තමයි. අධිකරණයේදී සාක්ෂි ඉදිරිපත් කරන හැටි දන්නවනේ. කොහොමටත් ලොකු ලොකු කොම්පැනි එක්ක පොඩි මිනිස්සුන්ට නඩු කියන්න බැහැ. අපි ජීවත් වෙන්න ඕනෑ රටේ හැටි දැනගෙන. මම 25 වතාවකට වඩා අල්ලස් හා දූෂණ කොමිෂන් සභාවට ගිය පුද්ගලයෙක්. එලෙසම පොලිස් කොමිසමටත් ගියා. මට හිතුණා අපි ලංකාවේ ඉපදුනේ මොන පවකටද කියලා. පාස්කු මරණ සම්බන්ධයෙනුත් ඔන්න ඔය විදියට හොඳ හොඳ සාක්ෂි හදලා ඉදිරිපත් කරාවි. හැමෝ්ම මැරුනේ නැහැනේ... කිහිප දෙනයිනේ මැරුනේ... ඉතුරු වෙච්චි අයත් ඉන්නවනේ. ඉතින් මැරුණු අය දැනගන්න ඕන තමන්ගේ ජීවිතේ බේරගන්න කියන තැනටත් ඒවි. රජය කිසිසේත්ම මේ අපරාධයට සාධාරණයක් කරනවා කියලා මම නම් කවදාවත් හිතන්නේ නැහැ. සියලු පාඩුුව තම බිරිඳ අහිමි වූ ස්වාමි පුරුෂයාට පමණයි. අනික තම මව අහිමිව ගිය දරුවන්ට පමණයි. දේශපාලකයින් කිසිවෙක් මේ පිළිබද සංවේදී නැහැ. ඒ අයට මේකත් රස විඳිය හැකි තව දෙයක් පමණයි...
ගෑස් ගනිද්දි බයවෙන්නෙ මොකටද පුපුරන්නේ පත්තුකරද්දිනේ. මේපාර මොකක්ද දන්නෑ ලේබලේ.
නාගානන්ද මහතාට, කුෂාන් ගුණවර්ධන මහතාට හා ඒ වෙනුවෙන් හඩනැගූ අයට ස්තුතියි..
තවත් ගිනිකෙළි ඉදිරියේදී.. හෙට සිට බයවෙන්න එපා කිව්වේ... මෙතුවක් කල් සාධාරණ බයක් තිබුණු නිසාද?