(ලසන්ත නිරෝෂණ පෙරේරා )
රත්නපුර වැලිමළුව ප්‍රදේශයේ දි ගම්වාසීන් පිරිසක් එක්ව මත් කුඩු විකුණන දෙදෙනෙකු අල්ලා පොලිස් විශේෂ කාර්ය බළකායට සහ පොලිසියට බාර දීමේ සිද්ධියකින් පසු අද 08 අලුයම කිසියම් පිරිසක් විසින් ප්‍රදේශයේ වෙළෙදසැලකට ගිනි තබා ඇති බව පොලිසිය පවසයි.
එහෙත් ගින්න පැතිරී යාමට පෙර වැළකි ගොස් තිබු නිසා විශාල හානියක් සිදු වී නොමැත.
ගෑස් සිලින්ඩර ස්ථානගතකර තිබු කුටියකට ඉන්ධන දමා ගිනි තැබීමට උත්සාහ ගෙන තිබුණත් ගින්න පැතිරි ගොස් නැතැයි පොලිසිය පවසයි .
මත් කුඩු විකිණීම සිදු කරන බව කියන දෙනෙනා අල්ලා දීම නිසා මෙම වෙළෙද සැලට ගිනි තබා ඇති බව පොලිසිය සැකකරයි.
අද අලුයම (08) වෑන් රථයකින් පැමිණි පිරිසක් වෙළෙද සැලේ ගෑස් සිලින්ඩර ස්ථානගතකර තිබු කුටියට ගිනි තබන ආකාරය ආරක්ෂිත කැමරාවක සටහන් වි ඇත.
ඒ සම්බන්ධව රත්නපුර මුලස්ථාන පොලිසිය පරික්ෂණ සිදු කරයි.
රත්නපුර මුලස්ථාන පොලිස් පරික්ෂක රෝහාන් ඔලුගල මහතාගේ මෙහයවිමෙන් පරික්ෂණ සිදු කෙරේ.
COMMENTS
මීගමුවේ ලන්සාගේ බඩු තමයි රට පුරාම බෙදන්නේ...
ජනාධිපතිතුමනි, මේ දේශපාලනය අවියක් කොටගෙන ජිවත් වෙන පිරිස කරුණාකර සමාජයෙන් තුරන් කරන්න. ඇප දී එලියට එවන්න එපා .ජිවිත විනාශ කරන්න පටන් ගන්නවා. මොවුන්ගෙන් සමාජ දුරස්ථ භාවයට යොමු කරවන්න...
මොවුන්ට කැලෑ නීතිය වඩාත්ම සුදුසු යන්න අපගේ අදහසයි... කබරයින් නම් කැලෑ නීතියට තදින්ව විරුද්ධ කණ්ඩායමකි. මක්නිසාදයත් ගාණක් කපාගන්නට තිබේන අවස්ථාව නැතිවීමයි.
කුඩු ළඟ තියන් අහුවෙන කිසිම කෙනෙක්ට තනියම නඩුඅහන එක තහනම් කරන්න. ඔහුට කුඩු ලැබුනේ කෙසේද කියලා හොයලා දෙන්නටම නඩු දාන්න. නැත්නං පෞද්ගලික අමනාපකම්වලට කුඩු පටලවලා අහිංසක මිනිස්සුන්වත් හිරේ යවනවා.
මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් කවුද කියලා ගම්වල මිනිස්සු දන්නවා. නමුත් පොලිසියට අල්ලා ගන්න බෑ. පුදුමයි නමුත් ඇත්තයි.
රොහාන් ඕලුගල මහත්තය අතේ නං ගේම් එක තියෙන්නෙ, ගිනි තියපු කුඩ්ඩන්ට අබ සරණයි. උඹල ගිහින් සියදිවි වත් නසා ගනිල්ල.