
(ප්‍රසාද් රුක්මල් )
ගස්ලබු සහ තක්කාලි වගා කරන මුවාවෙන් කොස්ලන්ද, නැවුආර රක්ෂිතයේ වගා කර තිබූ රුපියල් ලක්ෂ 60ක් වටිනා ගංජා වගාවන් තුනක් වටලා අද (15) විනාශ කළ බව කොස්ලන්ද පොලිසිය පවසයි.
ගංජා පැළ 7000ක් මෙලෙස ගිනිතබා විනාශ කර ඇති අතර මේ සම්බන්ධයෙන් සැකපිට තරුණයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව කොස්ලන්ද පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තණමල්විල, හම්බේගමුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 25 සහ 24 වයසේ පසුවන තරුණයෝ දෙදෙනෙකි.
අක්කර බාගයක පමණ ප්‍රමාණයක වගා කර තිබූ කංසා පැළ තවානක අඩි 1ක් පමණ උස ගංජා පැළ 3600ක් ගිනි තබා විනාශ කර ගංජා පැළ 25ක් සමඟ එක සැකකරුවකු ද , අක්කර කාලක පමණ ගංජා වගාවක අඩි 2ක් පමණ උස ගංජා පැළ 1800ක් ගිනි තබා විනාශ කර ගංජා පැළ 25ක් සමඟ අනෙක් සැකකරු ද මෙසේ අත්අඩංගුවට ගනු ලැබ ඇත.
මීට අමතරව සැකකරුවකු නොමැති අක්කර කාලක ගංජා වගාවක අගල් 10ක් උස ගංජා පැළ 1600ක් ගිනි තබා විනාශ කර නඩු භාණ්ඩ වශයෙන් ගංජා පැළ 25ක් පොලිස් බාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා බණ්ඩාරවෙළ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .


COMMENTS