(ඩයනා උදයංගනී )

ගවයින් ඝාතනය නතර කිරිමේ නීතිය ගෙන ඒම මසකින් කල් දැමීමට තීරණය කර ඇතැයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් පසුගියදා  ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් ගේ රැස්වීමට ගෙන ආ එම යෝජනාවට මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත හිමිවුවත් ‍ඒ සම්බන්ධයෙන් වෙනත් පාර්ශවවලද අදහස ලබාගත යුතු නිසා මෙසේ කල්දමා ඇතැයි ද ඇමතිවරයා කීවේය.

කෙහෙලිය රඹුක්වැල්ල මහතා මේ බව පැවසුවේ ර‍ජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (10) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.