
(නිමල් ජයරත්න)
හම්බන්තොට ප්‍රදේශයේ සිට පැමිණි ව්‍යාපාරිකයෙකුට අයත් පිරිසක් අරලගංවිලෙ පන්සියතුන කුඩාඔය අමුණේ බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් නීති විරෝධී ලෙස ජේ.සී.බී.යන්ත්‍ර තුනක් මගින් වැලි ගොඩ දමමින් සිටි පිරිසක් අද (22) පලවා හැරීමට ප්‍රදේශයේ ගොවි සංවිධාන නියෝජිතයින් සහ ගොවීහු පිරිසක් කටයුතු කළහ.
503 කුඩාඔය අමුණට සහ වාරි මාර්ග පද්ධතියටත් ,අමුණ ගංගා ඉවුරට සහ ප්‍රධාන මාර්ගයක පාලමකට හානි සිදුවන අයුරින් මොවුන් වැලි ගොඩ දමමින් සිටි ඇති අතර එහිදී ප්‍රදේශ්යේ විහාරාධිපති ස්වාමීන් වහන්සේලා දෙනමක්ද එකතු කර කරගනිමින් 503 කලාපයට අයත් ගොවි සංවිධාන පහක නියෝජිතයින් හා ගොවීන් මෙන්ම ප්‍රදේශයේ විපක්ෂ දේශපාලන අධිකාරියේ නියෝජිතයෝ ද පැමිණ මෙම වැලි ගොඩ දමමින් සිටි පිරිස පලවා හැරීමට කටයුතු කළහ.
මෙහිදී අදහස් දක්වමින් ගොවි සංවිධාන සහ මහා සංඝරත්නය පෙන්වා දුන්නේ මෙම අමුණේ රොන්මඩ ඉවතවත්ත් කරන මුවාවෙන් හම්බන්තොට ප්‍රදේශයේ සිට පැමිණි මහා පරිමාණ ව්‍යාපාරිකයෙකු විසින් වැලි ගොඩ දැමීම ජාවාරම්ක් ලෙස සිදුකරන යන බවයි.
මෙම විරෝධයත් සමග එම ස්ථානයෙන් වැලි පටවා තිබූ ටැක්ටර් දෙකක් එහි රියදුරන් සමග පලා ගොස් තිබූ අතර වැලි ප්‍රවාහන බලපත්‍ර නීති උල්ලංඝනය කෙරූ ට්‍රැක්ටර් රථ තුනක් අත්අඩංගුවට ගත් බව අරලගංවිල පොලිසිය කියයි.
මෙම තත්ත්වය පිළිබඳ මහවැලි බී කලාපය නියෝජ්‍ය නේවාසික ව්‍යාපාර කළමනාකාර තාක්ෂණ ආර්. වසන්ත මහතාගෙන් නියෝජිතයින් දුරකථනයෙන් කළ විමසීමකදී සඳහන් කළේ පරිසර අධ්‍යනයකින් අනතුරුව කුඩාඔය අමුනේ වැලි ගොඩ දැමීමට අවසර ලබාදී ඇති බවත් බවයි.
අප මේ පිළිබඳව මහවැලි බී කලාපීය නේවාසික ව්‍යාපාර කළමනාකාර නොයෙල් ජයසිරි මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී සඳහන් කළේ ගොවි සංවිධාන පහ සමග සාකච්ඡා කර ඒ සඳහා විසඳුම්ක් ලබාදෙන බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම හොඳ ප්‍රවණතාවයක්... පක්ෂ බේදවලින් තොරව පරිසරය විනාශ කරන අයට නෙලන්න තිබුනේ අවයව වෙනස් වෙන්නම. එසේ පරිසරය විනාශ කරන අය එන්නේ හම්බන්තොටින්ද? මැද කොළඹ මගේ සදාදරණීය දුගී, දුප්පත් ජනතාවද අදාළ නැත...
මැදමුලන කටු කන ව්‍යාපාරිකයෙක් වෙන්න ඕනෑ අනිවා...!!!
විය යුතු දේ වෙමින් පවතියි. හැමතැනම පොලිසිය දාන්න බැහැ. මහජනයා ඔයවගේ විරුද්ධ වුණානම් ඉබේම පරිසරය රැකගත හැකිය.
හම්බන්තොටින් ආපු ඔය කණ්ඩායම වෙනත් වේශයකින් හා බලයකින් නැවත එන්න පුළුවන්... අවධියෙන් සිටින්න.
හොඳයි මෙහෙම කරපු එක.
අනිවාර්යයෙන්ම රාජපක්ෂලාගේ කෙනෙක්... මේ රටේ දූෂණය, භීෂණය කොතැනද, එතන රාජපක්ෂලා තමයි මූලික...
මේක 2/3 බලයක් තියෙන අපේ ආණ්ඩුව... අපිට ඕනේ විදිහටයි රටේ වැඩ කෙරෙන්න ඕනෑ...