IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ගුවන් විදුලි සභාපතිටත්-අධ්‍යක්ෂ මණ්ඩලයටත් ඉවත්වන්නැයි ඇමැති කියයි

(අජන්ත කුමාර අගලකඩ)

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ජගත් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩලයට වහාම ඉල්ලා අස්වැන්නැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (11) දැනුම් දී ඇත බව වාර්තා වෙයි.

නුවරඑළිය රදැල්ල ප්‍රදේශයේ සංස්ථාව සතු ඉඩමක් පෞද්ගලික ව්‍යාපාරිකයකුට අනුමැතියකින් තොරව බදු දීම සංස්ථාව සතු සංඛ්‍යාත අනුමැතියකින් තොරව වෙනත් පාර්ශවයකට පැවැරීම ඇතුළු චෝදනා කීපයක් හේතුවෙන් ඇමැතිවරයා මෙම දැනුම් දීම කර ඇතැයි ද දැනගන්නට තිබේ.
 



අදහස් (17)

ගුවන් විදුලි සභාපතිටත්-අධ්‍යක්ෂ මණ්ඩලයටත් ඉවත්වන්නැයි ඇමැති කියයි

sachith Thursday, 11 March 2021 04:35 PM

"සංස්ථාව සතු සංඛ්‍යාත අනුමැතියකින් තොරව වෙනත් පාර්ශවයකට පැවැරීම" මේක සභාපතිට කරන්න පුළුවන් දෙයක් නෙවෙයිනේ. අනිවාර්යයෙන් මේ කියන කට්ටියගේ බලපෑමකට දීලා අන්තිමට ගෙදර යනවා.

:       0       4

Jude Thursday, 11 March 2021 05:16 PM

අයියෝ අර සංජීවත් ඉන්නවා ඕකේ...

:       0       2

nimal Thursday, 11 March 2021 05:50 PM

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හිටපු සභාපති තේවිස් ගුරුගේ සභාපතිව සිටින කාලේ තිබූ ගුවන් විදුලි සංස්ථාවට සිදුව ඇත්තේ කුමක්ද? ඉඩම්, දේපළ විකිණීම ඔවුන්ට අයත් කාර්යයක් නොවේ.

:       0       2

විපරමා Thursday, 11 March 2021 08:19 PM

ඇමතියා හරියට සාධාරණව වැඩ කරන කෙනෙක් කියලා හිතේ ඇති. අනුන්ගේ කාමරවලට රින්ගන්න ගිහින් කකුල් කඩාගත්තු පාපෙට කරගහන්න වුනෙත් බදු ගෙවන ජනතාවටයි...

:       1       9

Buddika Friday, 12 March 2021 12:03 AM

ඇමැතිවරයා මුලින්ම ඉවත්විය යුතුයි. වගකීම ඇමැතිවරයා සතුයි. තමන් යටතේ ඇති ආයතන වල සිදුවන දේ ගැන ප්‍රධානම වගකිව යුත්තා ඔහුයි. ඒ වගකීම බාරගෙන වහාම ඇමැතිවරයා ඉවත් විය යුතුයි.

:       0       11

සදිස් Friday, 12 March 2021 01:49 AM

රාජ්‍ය දේපල අවභාවිතයට දඬුවම ඉල්ලා අස්වීම විතරයිද?

:       0       6

Raveendra Friday, 12 March 2021 01:53 AM

ජගත් වික්‍රමසිංහ හොඳ මදි වෙලා වගේ සර්ලාට. ඔය කියන අයථා ගණුදෙනු පේන්න මෙච්චර දවසක් ගිය එකනේ පුදුමේ. හැබැයි සභාපති නිල රථයෙනුත් ගහපු ගැහිල්ල ගැන සංස්ථාවේ සේවකයින්ම ප්‍රසිද්ධියේ මුල් කාලෙම කියලා තිබ්බා අපි නම් දැක්කා..

:       0       13

pradeepa Friday, 12 March 2021 03:13 AM

ජගත් සාමාන්‍යයෙන් ඔය වගේ වැඩ කරන කෙනෙක් නෙමෙයි. නමුත් කෙහෙළිය කියන දේවල් විශ්වාස කරන්න අමාරුයි..

:       2       19

UpulFriday, 12 March 2021 07:20 AM

ඔව්.. ඔව්.. ජගත් බබා.. කිරි පොවලා නලවන්න හොඳයි.

:       3       3

සමිත සේනක අලුත්ගමගේ. Friday, 12 March 2021 04:16 AM

අපරාදේ ජගත් වික්‍රමසිංහ මහත්තයා දේශපාලනයට ගිහිල්ලා නිකං සවුත්තු වුණා. මොනතරම් ගායන පෞරුෂයක් තිබෙන කෙනෙක්ද?

:       1       17

පිටරැටියා Friday, 12 March 2021 01:59 PM

ලංකාවේ දේශපාලනේ හැටි? අන්තිමට හත්පොළේම ගාගෙන තමයි නවතින්නේ...!!! 

:       0       0

jayath Friday, 12 March 2021 04:32 AM

මේක ඉතින් අලුත් දෙයක් නෙවෙයි නෙව කොච්චර කඩේ ගියත්..., කොච්චර ගොට්ට ඇල්ලුවත් පොඩ්ඩ එහා මෙහා වුණු ගමන් ඉවරයි.. දැන් ඉති ඇතුලේ කට්ටිය හෝ ගාල වැඩ ඇති... අලුතින් එන කෙනාට ගොට්ට අල්ලන්න. ඔය කට්ටිය ඉතින් අපට නම් නම්වලින් වුණත් කියන්න පුළුවන්... හැබැයි ඉතින් නම කැත කරගත්තේ නැති සභාපතිලා ඔතන හිටියේ ටික දෙනයි.

:       2       12

sharm warn Friday, 12 March 2021 05:42 AM

ලොක්කා කියපු කෙනාට දෙන්නේ නැතිව වෙන කෙනෙක්ට දෙන්න ඇති මෙලහකට. අපි දන්නේ නැතුවයි කට්ටියගේ කෙරුවාවල්.. හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් කියලා කී කාලයක් තිස්සේ දකිනවද?

:       0       8

ආනන්ද Friday, 12 March 2021 05:54 AM

වියතුන් වුණත් ගොඩ යන වීදිය ගොඩ ගිය දේවලින් ඉගෙන ගන්න වෙනවා. මම දන්න අවංක මිනිස්සු කිහිප දෙනෙක් දැන් ගෙදර...

:       0       9

කපුරු හාමි Friday, 12 March 2021 02:34 PM

මේ වෙනකොට ඇමතිගේ කූට්ටාලියෝ ටිකක් රිංගවන්න ලෑස්ති වෙලාත් ඇති...

:       0       0

Saman Buddhadasa Friday, 12 March 2021 11:15 PM

ආවා වගේම යන්නත් වෙනවා.

:       0       0

amila Saturday, 13 March 2021 11:54 AM

අනේ අර ජගත් කියන ගායකයා කවුද ඔයා කියන විදිහට..?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31312 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13511 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10998 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 111 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 936 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site