IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ගුවන් යානා අනතුර ගැන වාර්තාව සති දෙකකින් ඉල්ලයි

(ඉන්දිකා රාමනායක)

හපුතලේ වතුයායකට ගුවන් යානයක් කඩා වැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන පරීක්ෂණ වාර්තාව සති දෙකක් තුළ ලබා දෙන්නැයි ගුවන් හමුදාපති එයාර් මාෂල් සුමංගල ඩයස් මහතා  උපදෙස් දුන්නේය.

එම වාර්තාව  ලැබුණු පසු  ගුවන් අනතුරට හේතුව අනාවරණය කරගත හැකි බවද ගුවන් හමුදාපතිවරයා කියා සිටියේය.

මෙම ගුවන් අනතුර සම්බන්ධයෙන් ලංකාදීපය ගුවන් හමුදාපතියාගෙන්  කළ විමසුමකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

මෙම පරීක්ෂණයේ දී ගුවන් අනතුරට හේතුව නිශ්චිත වශයෙන් අනාවරණය නොවුනහොත්  වැඩිදුර විමර්ශන සඳහා අවශ්‍යනම් පමණක් විදේශ රටවල විශේෂඥයන්ගේ සහය  ලබා ගැනීමට  කටයුතු කරන බවද  ඒ මහතා කියා සිටියේය.

පරීක්ෂණ සඳහා විදේශ රටක සහය ලබා ගන්නේ නම්  අවශ්‍ය කොටස්  ඉතා ආරක්ෂිතව  අදාල විදේශ රට වෙත යොමු කරන බවද  ගුවන් හමුදාපතිවරයා පැවසීය.

මීට පෙර  මෙවන් අවස්ථා වලදී  ද පරීක්ෂණ සඳහා විදෙස්  රටවලින් සහය  ලබාගත් බවද ගුවන් හමුදාපතිවරයා  කියා සිටියේය.

ගුවන් හමුදාපතිවරයා පත්කළ එම පරීක්ෂණ කමිටුවට එයාර් වයිස් මාෂල්වරයකු ඇතුලූ  සාමාජිකයන් හය දෙනකු  ඇතුළත් වන බවද ගුවන් හමුදා ආරංචි මාර්ග කියයි.

 

 



අදහස් (1)

ගුවන් යානා අනතුර ගැන වාර්තාව සති දෙකකින් ඉල්ලයි

Kumar Monday, 06 January 2020 05:26 PM

සති දෙකකින් ගුවන්යානා අනතුරක වාර්තාවක් ඉල්ලීම බොරු වැඩක්. මෙරටේ ගුවන් යානයක් අනතුරට පත්වුණ විට ඒ ගැන සියලු කරුණු සොයාබල වාර්තාවක් නිකුත් කරන්න වසරක් පමණ ගතවෙනවා. අසත්‍ය වාර්තාවක් ලබන සතියෙ ලැබෙයි. එකේ ගුවන් නියමුවාට වරද පවරයි.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 9 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site