සාමය සඳහා වන පියවරක් වශයෙන් ඉන්දීය ගුවන් හමුදා නියමුවා හෙට දිනයේදී නිදහස් කරන බව පාකිස්තානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරතිබේ.
ඉන්දියාව හා පාකිස්ථානය අතර ඇති වී තිබෙන ගැටුම්කාරී තත්ත්වය සමනය කිරීම සදහා ගුවන් නියමුවා ඉන්දීය රජය වෙත භාරදීමට පාකිස්තානය සූදානම් බව පාකිස්තානු විදේශ කටයුතු අමාත්‍යංයේ ප්‍රකාශකයෙක් පැවසීය.
ඉකුත් බදාදා දිනයේදී පාකිස්තාන එෆ් 16 ජෙට් යානයට ප්‍රහාරයක් එල්ල කළ ඉන්දීය මිග් 21 ගුවන් යානයේ නියමුවා මෙලෙසින් ඉන්දීය රජය භාරයට පත්කිරීමට පාකිස්තනය තීරණය කර තිබේ.
අගාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතාගේ තීරණයට ප්‍රතිචාර දක්වමින් ඉන්දීය රජය ප්‍රකාශ කළේ ගුවන් නියමුවා සම්බන්ධයෙන් ඉක්මන් තීරණයක් ගැනීම සුරක්ෂිත පියවරක් බවයි.
මෙම අවස්ථාව තානාපතිවරයකු මාර්ගයෙන් සිදුකිරීමට බලාපොරොත්තු නොවන බව ද ඉන්දීය රජය පවසයි.
(ඩේලි මිරර් ඇසුරිනි)
16844
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියන් කාරයෝ කියන්නේ මහා උදච්ච ජාතියක් , ගුවන් නියමුවා කොන්දේසි විරහිතව නිදහස් කරනවා කියල ඉම්රාන් කිවුවහම ස්තුති කියල කියන්නේ නැතුව , අනවශ්‍ය පණ්ඩිත කතා කියනවා , මේගොල්ල තමා අපේ ගුවන් කලාපයටත් අනවසරයෙන් ඇතුල් වෙලා පරිප්පු දැම්මේ , ඉම්රාන් අසල්වැසියකු වශයෙන් මේ ගොල්ලන්ට කරුණාවන්ත වැඩිය , පාකිස්තානෙක් ඉන්න තිබුනේ අර උතුරුකොරිය නායකයා වැනි කෙනෙක් , එහෙම වුනානම් මේ ගොල්ල මෙච්චර දගලන්නේ නැහැ
න්‍යෂ්ටික බලයෙන් ඉන්දියාවට වඩා පාකිස්ථානය ඉදිරියෙන් සිටින බව දැනගන්නට තියෙනවා…. එහෙම තියෙද්දිත් ඉම්රාන් ඛාන් අගමැතිවරයා මෙම ගුවන් නියමුවා කොන්දේසි විරහිතව ඉන්දියාවට ආපසු බාර දෙන්න ඉදිරිපත්වීමෙන් ඔහුගේ නිහතමානිත්වයත් මනුස්සකමත් ඔප්පුවෙනවා. මෝදි අගමැතිවරයාට දුරදක්නා නුවණක් තියෙනවනම් වැඩිය දුරදිග යන්න නොදී අර්බුදය ඔතැනින්ම බේර ගත යුතුයි..
ඉම්රාන් ඛාන් හොඳ පියවරක් ඉස්සරහට තියන කොට ඒකටත් ඉන්දියාව අහංකාර කතාවක් කියනවා. තමන් මහා බලසම්පන්නයි කියල හිතාගෙන ඉන්න නායකයින්ගේ ඔය අහංකාර කම නිසා තමයි හැමවිටම ලෝකයටත් ජනතාවටත් විනාශය උදාවෙන්නේ. මහින්ද සාමයට අත් දෙකම දිගුකරනවා කිව්ව වෙලාවේ ප්‍රභාකරනුත් ඔය අහංකාර දේමනේ කලේ. අන්තිමට මොකද වුනේ? අනික් අතට ගත්තොත්, අහංකාර ට්‍රම්ප් ඒක පැත්තකින් තියල කිම් ජොං එක්ක සාකච්චාවට එකඟවීම නිසා ලෝකයට සැනසුම් සුසුමක් හෙලන්න ලැබුන නේද?
ඉතාමත් හොද දුරදර්ශි ක්‍රියාවක්.යුද්දය කිසිවක් ලබා නොදෙයි. ඔබට ජය අගමැතිතුමනි.
ඔව් ඉම්රාන් මහතා අපිට ගැහැව්වා අපි ගැහැව්වා මේ ගුවන් නියමුවා කලේ ඔහුගේ රාජකාර්ය ඔහුගෙන් පලිගැනීම ත්රුමක් නැති වැඩකි ඔහු නිදහස් කර සමාදානයකට එන්න, බැරිනම් අපිවගේ රටේ ගව්රවය පවා නොදී, යුද්දයට යන්න. අපේ ගොබ්බයො තමයි කතා කරන්න පළමුව රට ජාතිය පාවලා දෙන්නේ. නොදකින් මේ පාදඩ හැත්ත.
අන්තවාදී ආගමික රාජ්‍යයක් වුවද ඉම්රාන් ඛාන්ගේ ක්‍රියා පිළිවෙල ඉතා අගය කල යුතුයි...
අපට පකිස්තානයෙන් හා ඉන්දියාවෙන් ලැබුන එකම දායාදය තමයි ඔබලාගේ කන්කළු මිහිරි සංගීතය. දැන් ඒ රටවලිනුත් ඒ සංගීතය නැතිවීගෙන යනවා. වරක් හිටපු ඉන්දියානු අගමැතිවරයෙක් අසා තිබුනා අපේ සංගීතයට මොකද උනේ කියලා
අප ඔබගේ ක්‍රියාව පිලිබදව සතුටු වන්නෙමු. අප විස්වාස කරනවා ඔබ ඔබේ මාතෘභූමියේ ගෞරවය මෙන්ම මාතෘභූමිය පාවනොදී (අපගේ දෙශේය පාලු කරන දේශපාලුවන් වගේ නොවී) සටනකට තවදුරටත් නොගොස් තම රටේ උන්නතිය මෙන්ම රටේ අබිමානයට කිසිදු හානියක් නොවන පරිද්දෙන් ගත් මෙම තීරණය පිලිබදව...ඔබට අප ජය ප්‍රර්ථනා කරන්නෙමු.
මෝඩි මෝඩ වැඩ කරද්දී, ඉම්රාන් මහත්තයෙක් විදියට තීරණ අරන් තියෙනව. බොහොම සතුටුයි.
අපිටත් අවශ්‍ය මෙවැනි වැදගත් නායකයෙක්. අායෙත් හොරු සහ මෝඩයෝ නම් එපා...
කොටි පුහුණු කරේ, අපේ රටේ ප්‍රශ්නෙට අතදාලා වන කරේ අල්ලපු රටේ පරයෝ.... අපේ යුද්ධය අවුරුදු 30ක් ඇදෙන්න ප්‍රධානම හේතුව අල්ලපු රට. යාපනේ යටත් වෙන්න ඔන්න මෙන්න තියෙද්දී අල්ලපු රටේ පරයෝ ඕනෑ නම් නැවක් දෙන්නම්... යටත් වෙන සොල්දාදුවෝ කොළඹට ගේන්න කියලා අහක බැලුවා... පාකිස්තානේ පැය 24 එන මල්ටි බැරල් එකක් දුන්නා...
ජුනි මාසේ ඉන්දියාවේ ඡන්දෙ තිබෙනවා. එ්කට මෝඩි ගිනිබෝල කරකවලා, කසගහලා, බල්ටි ගහලා වැඩ පටන්ගන්න හදන්නේ... සමහර විට මේ ත්‍රස්තවාදී ප්‍රහාරය රෝ සංවිධානේම වැඩක් වෙන්න පුළුවන්..
ඉන්දියාව වගේ නොවේ අතීතයේදී පාකිස්තානේ අපිට කවදාවත් පිටුපාලා නැහැ. සාමයේ මාවතේ ගමන් කරන ඉම්රාන්ට ජයවේවා