IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


ගුවන් තොටුපලේ ආරක්ෂාවට සුනඛ බලකායක්

(තිළිණි ද සිල්වා)

කටුනායක බණ්ඩාරනායක ජාත්යයන්තර ගුවන්තොටුපොළ ආරකෂක තත්වය තවදුරටත් තහවුරු කිරීම සදහා 20 දෙනෙකුගෙන් යුත් පුහුණුව ලත් සුනඛ කණ්ඩායමක් යෙදවීමට සිවිල් ගුවන්සේවා අධිකාරිය පියවර ගෙන තිබේ.

එම සුනඛයින් ආරක්ෂක පිරික්සුම් මෙහෙයුම් කටයුතු සඳහා නිල වශයෙන් යෙදවීම අද (15) දින සිදු කෙරිණි.

රාජකාරි ඇරඹීට පෙර මෙම සුනඛයින් අන්තරායකර ඹෟෂධ පාලන මණ්ඩලය විසින් පවත්වන ලද ප්‍රයෝගික පරීක්ෂණයකටද මුහුණ දුන් බවත්, ඒ අනුව මෙරටදී එවැනි පරීක්ෂණයකට බදුන් වූ පළමු අවස්ථාව මෙය බව ද සිවිල් ගුවන් සේවා අධිකාරිය කියා සිටී.

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ගුවන්තොටුපොල ආරක්ෂක තත්ත්වය තවදුරටත් ඉහළ නැංවීමේ අරමුනින්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සුනඛ බලකාය තවදුරටත් ශක්තිමත් කිරීමට සිවිල් ගුවන්සේවා ආරක්ෂක කමිටුවේ දී, ගත් තීරණයට අනුව මෙම විශේෂ වර්ගයේ සුනඛයන් 20 දෙනා එම බලකායට මෙයට මාස කිහිපයකට පෙර එක්වූ අතර ඒ සඳහා රුපියල් මිලියන 22 ක් වූ මූල්‍ය සහාය ලබාදී ඇත්තේ ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය විසිනි.

ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානය විසින් හඳුන්වාදී ඇති ගුවන් ආරක්ෂාව සම්බන්ධයෙන් වන රෙගුලාසීන් නිසි පරිදි ක්‍රියාවේ යෙදවීම අතින් ශ්‍රී ලංකාව කලාපීය වශයෙන් නිරන්තරයෙන් ඉදිරියෙන්ම සිටිමින් කටයුතු කරනු ලබන අතර එම තත්වය තවදුරටත් ඉහළ නැංවීම වෙනුවෙන් මේ අයුරින් පුහුණුව ලත් සුනඛයන් කණ්ඩායමක් යෙදවීමට එම අධිකාරිය පියවර ගෙන ඇත.

ගුවන් භාණ්ඩ ලෙස සහ ඇතැම් මගීන් විසින් රැගෙන යනු ලබන ගමන් මලුවල රහසිගත ලෙස රැගෙන යා හැකි පුපුරණ ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය පහසුවෙන් හඳුනාගත හැකි වන පරිදි මෙම සුනඛයින්ට විශේෂ පුහුණුවක් ලබා දී ඇත්තේ අස්ගිරිය ශ්‍රී ලංකා පොලිස් පුහුණු පාසලේදී ය.

මෙම සුනඛ කණ්ඩායම ආරක්ෂක පිරික්සුම් මෙහෙයුම් සඳහා අවශ්‍ය පුහුණු කටයුතු නිමකර විසිර යාමේ උත්සවය පසුගිය දා කටුනායක ගුවන් හමුදා කඳවුරේදී පැවැත්විණ.



අදහස් (7)

ගුවන් තොටුපලේ ආරක්ෂාවට සුනඛ බලකායක්

සෙනවි Friday, 15 January 2021 01:48 PM

බල්ලෝ මොකටද? විශ්‍රාමික හමුදා නිලධාරීන් ඉන්නවනේ....

:       10       16

Ruhunu Friday, 15 January 2021 02:56 PM

දැක්කේ නැහැ. පහුගිය දවසක දඩයමේ ගිහිල්ලා අහුවුණා.

:       5       11

chandima Friday, 15 January 2021 11:19 PM

එතකොට මන්ත්‍රීලා අලුතින් පත්කරගන්නවද?

:       0       0

සිනෙත් සිල්ව Friday, 15 January 2021 11:48 PM

එතන ඉන්න සුනඛ බලකාය මදිවටද කකුල් දෙකේ අයව ගෙනත් දාන්නේ...?

:       0       0

Prasad Saturday, 16 January 2021 02:48 AM

අර 225ට වඩා සැරද?

:       1       4

අතුල Saturday, 16 January 2021 01:34 PM

ප්‍රමාද වී හෝ ආරම්භ කිරීම ගැන සතුටු වෙමි. ලෝකයේ ඉතාමත් දියුණු රටවල පවා මෙම ඉව බල්ලන් යෙදවීම කරනවා. මෙය ඉතාමත්ම දියුණුම ක්‍රමයයි. තැපැල් දෙපාර්තමේන්තුව, රේගුව, බන්ධනාගාර වලටත් මෙම බල්ලන් යෙදෙව්වොත් යහපත් ප්‍රතිඵල ලබාගන්න පුලුවන්. නමුත් අද ආණ්ඩුවේ සමහර මැති ඇමතිවරුන් සහ ඉහළම පෙලේ ව්‍යාපාරිකයින්ගෙන් බලවත් විරෝධයක් එල්ලවීමට සිදුවීමට ඉඩකඩ ඇති අතර, ඉන්පසුව ඔවුන්ගේ පැවැත්ම වෙනුවෙන් මෙම බල්ලන් අදාල ස්ථාන වලින් ඉවත් වේවිද?

:       0       0

Perera Sunday, 17 January 2021 03:38 AM

රටේ හැම දෙයක්ම සුනඛයින්ට ගිහින් ගොඩක් කල්....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30877 33


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12995 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10933 30


මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 847 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 250 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 903 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site