





(ශාන්ත රත්නායක)
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට වසර 70 ක් සැපිරීම නිමිත්තෙන් සංවිධනය කළ ගුවන් යානා සංදර්ශනයක් මාර්තු 3 දා සිට 5 වැනි දා දක්වා කොළඹ ගාලු මුවදොර පිටියේදී පැවැත්වේ.
එහි අවසන් දිනය වන අද (5) දිනයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහභාගී වීමට නියමිතය.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව මෙන්ම ඉන්දීය ගුවන් හමුදාවේ ගුවන් යානා සහ හෙළිකොප්ටර් යානා යොදා ගනිමින් වර්ණවත් ගුවන් සංදර්ශනයක් පැවැත්විණි.
COMMENTS
Reply To:
-
මේවට කියන්නේ හිඟන සංදර්ශන කියලා. ඉන්දියාවේ ගුවන් හමුදාව මොකටද ලංකාවට? ලංකාවේ තියෙන දෙකෙන්, තුනෙන් ගියා නම් ඉවරයිනේ.. ඉන්දියාව ගාවගන්න එපා... එච්චරයි.
අපෝ ලැජ්ජයි..!!!
අපේ ලොක්කගේ පුතාත් එදාට වැඩ පෙන්වයිද කියන්න බැහැ. හොඳ රොකට් කාරයෙක්නේ නේද?
"කෝවිඩ් මරුවා ගොරවනු ඇත සතර අතේ ... අහරක් නොමැති කුස තුළ හාමතේ ඇතේ ... ධනය නසා කළ දේවල් පලක් නැතේ ... ලස්සන දසුන් කුසගිනි දුක නිවනු නැතේ ... "
කෝවිඩ් නිසා අනාථ වෙච්ච මිනිස්සුන්ට 5000ක් දීගන්න බැරි රජයකට ඉන්දියාවේ ගුවන් කරණම් කාරයින්ට ගෙවන්න නම් සල්ලි තියෙනවා. මෝදිව යාලු කරගන්න රටේ සම්පත් පාවලා දෙන කාලකණ්ණි. රට හැමදාමත් වලපල්ලේ..
වියදම කීයද? මේ වෙලාවේ අමාරුවෙන් හිඟා කමින් උපයාගන්න්නා මුදල් ටික මේ අාකාරයේ රටටවත්, ජනතාවටවත් තුට්ටුවක වැඩක්නැති, රට ගැන වගක් නැති ලොකු ලොක්කන්ගේ පම්පෝරි වලට වියදම් කරන එක හෙන ගහන අපරාධයක් නෙවේද?
දැන්වත් අපි තේරුම් ගන්න ඕනේ රටක අභිමානය කියන්නේ දේශපාලකයින්ගේ එකඑක මොඩල් වල නවීන වාහනවලට නෙමේ කියලා.... පව් අසරණ අපේ ගුවන් හමුදාව... අර ඉන්දියන් යානා ටික දිහා බලන් ඉන්න දර්ශන දිහා දැක්කාම ඇත්තටම හිතට දුකයි. අවුරුදු හැත්තෑවක් පිරුණු තැනකත් එක විනාඩි 5ක් තමන්ගේම අහසේ කරණම් ටිකක් පෙන්වන්න හොඳ ප්‍රහාරක යානයක් අපට නැති වුණානේ... එක එක්කෙනාගේ බලපැම් ගැන හිතන් නැතුව දැන්වත් තමන්ගේ රට ආරක්ෂා කරන වීරෝදාර හමුදාවට නවින යානා ටිකක් අරන් දෙන්න..
මේ පාණ්ඩුවට හොඳටම පිස්සු. කොරෝනා අස්සේ මේ පිස්සු කරමින් විනාශ කරන සල්ලි අපරාදේ. මහජනතාවට තමා කරණම් ගහන්න වෙන්නේ.
සමිත මහතාගේ අදහස් ඉතා අගනේය. මොලේ උඩ ඉන්න මිනිස්සුන්ට කියලා වැඩක් නැහැ..
ස්තූතියි..!!! ඔබතුමාට...
මේවාට නාස්තිකරන මුදල්, අහිංසක ළමයින්ට පොත් පත් හැරෙන්න වියදම් කළා නම් මොකද? බොරු සෝබන වැඩ. ලංකාවේ අනෙකුත් දෙපාර්තමේන්තුත් මේ වගේ අවුරුද්දෙන් අවුරුද්දට සංදර්ශන පවත් වන්න ගත්තොත්. බොරු සෝබන වැඩ...
දැන් ඕක දිහා බලාගෙන කට ඇරගෙන බඩගින්නේ ඉඳපල්ලා. මේ බහුබූත වලට වියදම් කරන මුදල් ණය ටිකක් හරි ගෙවන්න වියදම් කරපල්ලකෝ. නැතිනම් දුප්පත් මිනිස්සු ටික දෙනෙකුට ගෙයක් දොරක් හදලා දීපල්ලකෝ. අවුරුදු 70ක් වුණා කියලා මේ වගේ බහුබූත කරන්න ඕනේද?
කොහොම වුණත් දක්ෂ කැමරා ශිල්පියෙකුගේ සුන්දර පින්තූර ටිකක්.
විවේචන තියෙනවා තමයි. නමුත් මමත් ගියා බලන්න. අපි ලෝකය ඉදිරියේ මොනතරම් අසරණ භාවයකට පත්වෙලාද යන්නවත් තේරුම් ගැනීමට සල්ලි ගෙවලා හරි ඔයදේ ලංකාවේ අපිට පෙන්නපු එක හොඳයි කියලා මට හිතෙනවා. නිලධාරි වාදය, දූෂිත රාජ්‍ය සේවකයින්, දූෂිත දේශපාලකයින්, යාවත්කාලීන නොවූ අධ්‍යාපනය අපේ රට ලෝකය ඉදිරියේ නොදරුවන් බවට පත්කර හමාරයි. ඉන්දියාවේ නිෂ්පාදිත ගුවන්යානා ඉතාම ශූර ගුවන් නියමුවන් දැක ඔවුන්ට වයිර කිරීම වෙනුවට ඉස්සර පොඩිකාලේ අපි හදපු පොල්කොට කරත්තයක් ඔබේ දරුවාට සෑදීමට හැකිද යන්න සිතා බලන්න.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට වසර 70 ක් සැපිරීම දවස් තුනක් කරන්නේ ඉන්දියන් ගුවන් යානාවලින්. මොන විකාරයක්ද මේ..?
මේ ගුවන් යානා තමයි ලංකාවට කවදා හරි ගහනවා නම් ගහන්නේත්.. ඒකට පෙරහුරුවක් තමයි මේක...
මේ පාලකයින්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ ..
ඉන්දියාව ගුවන් යානා කරණම් ගහනවා. බිම ඉඳන් කට ඇරන් බලා හිටියත් අපි යක්කු බොලව්.
මේක සරලව කරලා මිනිස්සුන්ගේ ඇත්ත ප්‍රශ්න විසඳන ක්‍රමයක් හිතුවා නම් මේ වගේ බැනුම් අහන්න වෙන්නේ නැහැ නේද? මොන තරම් මෝඩ ආණ්ඩුවක්ද?
හොඳයි...