(සමන් පාලිත නානායක්කාර)
හපුතලේ ගුවන් අනතුරින් මියගිය සිව් දෙනාගේ සිරුරු මහේස්ත්‍රාත් නියෝගය අනුව පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා බදුල්ල මහ රෝහල වෙත ගෙන ආ බව හපුතලේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සාගර දයාරත්න මහතා පැවසීය.
බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් කීර්ති කුඹුරුහේන මහතා සිද්ධිය වූ ස්ථානයට පැමිණ මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණය පැවැත්විය.
රජයේ රස පරීක්ෂකවරුන් ද පරීක්ෂණ සිදු කළේය. සිරුරු හඳුනා ගැනීම සඳහා බදුල්ල මහ රෝහලේ තබා ඇති අතර හෙට (4) සිරුරු ඥාතීන්ට බාරදෙන බවද පොලිස් ස්ථානාධිපති සාගර දයාරත්න මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
අනේ පව්.., මොනවා වුණත් අහිංසක ජීවිතවලට කවුරු වගකියන්න ඕනෑද දන්නේ නැහැ. වටිනා, අහිංසක ජීවිත...