IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


‘ගොවීන්ට අවශ්‍ය සියලු පොහොර දින තුනක් ඇතුළත නිකුත් කළ යුතුයි‘

(අංජුල මහික වීරරත්න)

ජනතාවට අවශ්‍ය සියලු පොහොර දින තුනක් ඇතුළත නිකුත් කළ යුතු යැයිද එසේ නොමැති වුවහොත්  පොහොර බෙදා හැරිම රාජ්‍ය පොහොර සමාගම් හරහා සිදුකරන බවද කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පෞද්ගලික පොහොර සමාගම් නිලධරයන් අමතමින් අද (14) පැවසීය.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ සහ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහත්වරුන් පෑලියගොඩ සහ කැළණිය ප්‍රදේශවල ඇති පෞද්ගලික පොහාර සමාගම්වල ප්‍රධාන ගබඩා සංකීර්ණ හදිසි නිරීක්ෂණයකට ලක් කිරීමෙන් අනතුරුව කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

රටේ පෙහොර හිඟයක් පැවතියද පෞද්ගලික සමාගම් සිය ගබඩාවල පෙහොර තොග විශාල වශයෙන් තබාගෙන සිටින ආකාරය  තමන් නිරීක්ෂණය කළ බව කෘෂිකර්ම  අමාත්‍යවරයා කීය.

දෛනිකව නිකුත් කළ හැකි පෙහොර ප්‍රමාණයන් නිකුත් නොකොට අඩු ප්‍රමාණයක්  පොහාර නිකුත් කිරීමට සමාගම් ක්‍රියා කිරීම සම්බන්ධව ද අමාත්‍යවරු මෙහිදී ප්‍රශ්න කළහ.



අදහස් (2)

‘ගොවීන්ට අවශ්‍ය සියලු පොහොර දින තුනක් ඇතුළත නිකුත් කළ යුතුයි‘

ලලිත් එම් Thursday, 15 July 2021 07:15 AM

වී වලට විතරක් නෙමෙයි පෝර ඕන... පොල්, රබර්, තේ, එළවළු හැම දේකටම. කාබනික පොහොර කියලා පෙන්වන කොළ සහ කුණුවලින් ලැබෙන දේවල් මදි. නිවැරදි ලෙස තේරුම් ගෙන හරි කාබනික පොහොර නිෂ්පාදනය වෙනතෙක් රසායනික පොහොර ලබා දෙන්න. කෑම බීම විතරක් නෙවෙයි වගාවක් කියන්නේ.

:       0       0

ගිජුලිහිණි සංදේශය Thursday, 15 July 2021 03:50 PM

රටේ අහර හිඟයකි අත ළඟ එන්නේ - කටේ බලය මිස නැත මුන් වැඩ දන්නේ - අටේ පන්තියට ගිය තඩි මැතින්දුන්නේ - ගැටේ ගලවලා පොහොරේ බෙදපන්නේ...

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 679 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 326 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site