
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මහ වැසිත් සමග ඇතිවු ගංවතුර හේතුවෙන් කල්පිටියේ අක්කර 6000 කට අධික ප්‍රමානයක් සම්පුර්ණයෙන් විනාශ වි ඇති බව වගාකරුවෝ පවසති.
කල්පිටිය අර්ධද්විපයට අයත් සේතපොල, දළුව, මාන්පුරිය, ඉලන්තඩිය, නාරක්කල්ලිය, නාවක්කාඩුව, ආඩන්කෙනි, කොයියාවාඩිය, එත්තාලේ, තිහලි, පාලකුඩාතලවිල, පුලච්චේන, පනිඅඩිය, නොරෝච්චෝල, ආලංකුඩා, කන්දකුඩා, කල්පිටිය, ඇතුළු ගම්මාන රැසක වගාවන් මෙසේ හානි සිදුව ඇති බව වගාකරුවන් කියයි.
දින ගනනාවක් නොකඩවා ඇද හැලෙන මහ වැසි හේතුවෙන් කල්පිටිය අර්ධද්විපයේ ජලය ගලා යාම ප්‍රමාද නිසා මෙසේ වගා බිම්වල අඩි කිපයක් උසට ජලය රැදි ඇති බව වගාකරුවෝ කියති.
ඒසේම කල්පිටිය අර්ධද්විපයෙන් දෛනිකව දිවයින පුරා එළවළු පලතුරු කිලෝ ලක්ෂ තුනකට ආසන්න ප්‍රමානයක් ප්‍රවාහනය සිදුවන අතර මෙම තත්වය හේතුවෙන් ඉදිරියෙදි රටේ දැවැන්ත එළවළු හිගයක් ඇති වනු ඇතැයි කල්පිටිය වගාකරුවෝ අනතුර අඟවති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාර නරක කලදසාවක්.
දේවෝ වස්සතු කාලෙන මතක් වුනා පොහොර නැහැ වැස්ස වැඩියි ගංවතුර හැමදාම සාගතයක් ඇතිවෙනවා නියතයි වතුරෙ වගාකල හැකි භෝග නැද්ද.?
ඇත්තෙන්ම පව් මේ ගොවි මහත්ම මහත්මීන්. කොතරම් මහන්සි වෙනවද ගොවිතැන් කරන්න... අප වෙළදපොලට ගිහින් මිල අධිකයි කියමින් දෙස්දෙවොල් තිබ්බත් මේ මිනිසුන්ට එවන් අධික මිලක් තම වගාවන්වලට නොලැබෙන බව නොරහසකි. එසේ තිබියදීත් මෙවන් ආපදාවලදී මොවුන්ගේ තත්වය මනුස්‍යන්ට හිතාගැනීමට අපහසු නොවන බවත් කිව යුතුය.
දේවෝ වස්සතු කාලේන වෙන්නේ රාජා භවතු ධම්මිකෝ වුණොත් විතරයි කියලා තේරුණේ නැද්ද?