
(යොහාන් භාසුර)
ගංවතුරෙන් ආපදාවට පත්ව සිටින බස්නාහිර සහ දකුණු පළාත්වල ජනතාවට සහන සැළසීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා සහන කණ්ඩායම් 13 ක් යෙදවීමට නාවික හමුදාව පියවර ගෙන ඇතැයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පවසයි..
බස්නාහිර පළාතේ ගම්පහ හා කළුතර දිස්ත්‍රික්කවල ගම්පහ, රාගම, මහභාගේ, කැළණිය, බුලත්සිංහල සහ පරගොඩ යන ප්‍රදේශ සහ දකුණු පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල තවලම, හිනිදුම, නාගොඩ, ඒප්පල, මාපලගම සහ අතුරලිය යන ප්‍රදේශ ආවරණය වන පරිදි නාවික හමුදා සහන කණ්ඩායම් ක්‍රියාත්මක වෙයි.
නාවික හමුදා සහන කණ්ඩායම් මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කයේ ගංවතුරට කොටුවී සිටින ජනතාව මුදා ගැනීමේ මෙහෙයුම් දියත් කර තිබේ.
අයහපත් කාලගුණික තත්වය මත ජනතාවට සහන සැලසීම සඳහා අවශ්‍යතාවය මත ස්ථානගත කිරිමට නාවික හමුදාව අමතර සහන කණ්ඩායම් සුදානමින් කර ඇතැයි ද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පවසයි.


2025 දෙසැම්බර් මස 30
115
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
749
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
371
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ගංවතුරට කොටුවූවන් බේරා ගන්න නාවික හමුදා කණ්ඩායම් 13ක්