






අමිල මදුශංක
ගාල්ල වරාය සතුව මුහුදේ ස්ථාපිත කර තිබූ බෝයාවක් අද (19)අලුයම හැමූ දැඩි සුළඟට හසුව ගාල්ල දෙවට වෙරළ තීරය අසලට ගොඩ ගසා තිබුණි.
ඈත මුහුදේ ගමන් කරනු ලබන නෞකා ගාල්ල වරායට නිරුපද්‍රිතව පැමිණීම සඳහා වරාය දක්වා සීමාව තුළ මෙම බෝයාවල් හතක් ස්ථාපිත කර ඇති අතර මෙලෙස ස්ථාපිත කර තිබූ එක් බෝයාවක් අද (19) අලුයම මුහුදු ප්‍රදේශය හරහා හමාගොස් තිබූ සුළඟට හසුව මෙලෙස ගාල්ල දෙවට ප්‍රදේශයට ගොඩ ගසා තිබුණි.
පසුව දොඹකරයක් මාර්ගයෙන් එය මුහුදෙන් ගොඩට ඔසවා ට්‍රැක් රථයක පටවා නැවත ගාල්ල වරාය පරිශ්‍රයට රැගෙන ඒමට කටයුතු කල අතර ,මේ නිසා ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ එක් මංතීරුවක් සුළු වෙලාවකට වසා තැබීමටද ගාල්ල වරාය පොලීසියට සිදුවිය.
COMMENTS
(ගාලු වරාය සතු බෝයාව....) ඕක එහෙනම් හුළං පුරවපු "රබර් බෝයාවක්" වෙන්න බැරිද කියලා සමහරු අහනවා... නැත්නම් කොහොමද ඔච්චර සද්දන්ත බඩ්ඩක් හුළගට ගහගෙන ඇවිත් ගොඩ පීනන්න පුළුවන් උනේ ?
නන්දලාල් හරි.. මේක බෝයාවක් නෙමෙයි මායාවක්...
"සමහරු අහනවා... නැත්නම් කොහොමද ඔච්චර සද්දන්ත එකක් හුළඟට ගහගෙන ඇවිත් ගොඩ පීනන්න පුළුවන් වුනේ ?" කියලා... සමහරු ඉස්කෝලෙ නොගිය එකේ පාඩුව දැන්වත් තේරුම් ගනීවි. "(ගාලු වරාය සතු බෝයාව....) ඕක එහෙනම් හුළං පුරවපු "රබර් බෝයාවක්" වෙන්න බැරිද කියලා" ඔය කියන සමහරු හිතනවා ඇති නැව්, බෝට්ටුත් හුළං පුරවලා හදලා තියෙන්නේ කියලා...
කෝ ඉතින් බමුණු මහත්තයත් බෝයාව මොකක්ද කියලා, කියලා දුන්නේ නැහැනේ. අපි ගිය ඉස්කෝලේ බෝයාව ගැන කියල දුන්නේ නැහැ. ගැත්තන්ට චුට්ටක් විතර කියල දුන්නොත් යහපති බමුණ!