(විනීතා එම් ගමගේ)
ගම්පොල ඡන්ද කොට්ඨාසයේ, ගලහ, ගුරුකැලේවත්තේ, මිල්ලව වතුයායට පැමිණි පිරිසක් එම වතුයායේ පිහිටි නිවසකට පෙට්‍රල් බෝම්බ ගසා ඡන්දය දීමට නොයන්නැයි තර්ජනය කර ඇති බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයට පැමිණිල්ලක් ලැබී ඇත.
අංක තහඩු ආවරණය කළ ජීප් රථයකින් මෙම මැර පිරිස පැමිණ ඇති බවත් ඔවුන් එක් නිවසකට ප්‍රෙටල් බෝම්බ ගසා ඇති අතර තවත් නිවසකට පෙට්‍රල් බෝම්බ ගැසීමට තැත් කර ඇති බව තම සංවිධානයයේ නිරීක්ෂකයන් හරහා තහවුරු කර ගත් බවත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා ලංකාදීපයට පැවැසීය.
එම සිද්ධිය පිළිබඳ තහවුරු කර ගැනීමෙන් පසු මහනුවර දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා සහ පොලිසිය වෙත දැන් වූ බවත් පූර්ව මැතිවරණ සමයේ යම් ප්‍රචණ්ඩත්වයක් පැවැති අවදානම් පෙදෙසක් ලෙස හඳුනාගෙන සිටි බැවින් එම ප්‍රදේශය පිළිබඳව පොලිසිය දැනුවත් කර තිබූ බවත් හෙතෙම සඳහන් කළේය.
මෙම සිද්ධියෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නැති බවත් ඡන්ද දායකයන් බිය ගැන්වීම සඳහා මෙය සිදුකරන්නට ඇතැයි විශ්වාස කරන බවත් ගජනායක මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝඩවැඩ කවුරු කරත්... දැන් බලන්න මහින්දලා රනිල්ලා කොච්චර පක්ෂ දෙකක වුණත් බොක්කෙන්ම හොඳ යාලුවෝ... දෙන්නට දෙන්නා උදව් කරන් ඉන්නවා... මෝඩ මිනිස්සු තමයි හරක් වගේ ගහගන්නේ..
UNP අය කවද්ද සාධාරණ ඡන්දයක් තිබ්බේ?
ඔබතුමා කොහොමද ඒක එජාපයේ වැඩක් කියලා කියන්නේ, මේ තියෙන නිදහස ඔය විදිහට පාවිච්චි කරන්න එපා.
පළවෙනි ඡන්ද ප්‍රතිඵලය දැන්මම ලැබිලා වගෙයි. මේ ගොල්ලෝ දිනුවොත් කොහොමට හිටීද?
සජිත් පුතාණෝ තාත්තගේ අඩි පාරේ යයි...
ප්‍රේමදාස යුගයක් නේද ඇතිකරනවා කිව්වේ? හරි නේද? දැන්ම මෙහෙම නම් දිනුවොත් කොහොම වෙයිද? මේ රට බේරගැනීම ජනතාවගේ වගකීමකි..
සිරිමල් හෙට හවස වෙනකම් හීන බල බලා ඉන්න.. සජිත් අපේක්ෂකකම ඉල්ලලා මීටින් තියනකොට අධ්‍යාපන සුදුසුකම් ප්‍රශ්න කරලා සජිත්ව පතුරු ඇරපු සිරිමල් දවස් දෙකෙන් සජිත් තරම් උගතෙක් නැති විදිහට තමයි කඩේ යන්නේ.. මොන වැරැද්ද කලත් යූඑන්පී නම් ඒවා වැරැදි නෙමෙයි
වහල් බයියන් සහ ටොයියන් සිටින තාක් රට වලපල්ලට...
ජනාධිපති වෙන්න කලින්ම තමන්ගේ සුදු වෑන් ක්‍රියාපටිපාටියේ වැඩ පටන් අරන් වගේ... වතු කම්කරුවෝ සජිත්ට තමයි ඡන්දෙ දෙන්නේ කියලා දැනගෙන පහුගිය ආණ්ඩුවේ ක්‍රියා පිළිවෙත් පටන් අරන් වගේ...
මේක මගේ ගෙවල් ලග උනේ. ඡන්දෙ දුන්නොත් මරනවා කියලා තමයි ආපු අය කියලා ගිහින් තියෙන්නේ... ඒ ගෙවල්වල ඉන්නේ දමිල අය...