IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ගාල්ල මහ නගර සභාවේ ගාලගෝට්ටියක්

(ඩී.ජී.සුගතපාල)
 
ගාල්ල මහ නගර සභාවේ මාසික රැස්වීම අද (19) පැවති අවස්ථාවේ සභාව එකම ගාලලගෝට්ටියක් බවට පත්විය.
 
නගරාධිපති ප්‍රියන්ත සහබන්දු (පො.පෙ)මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීම පැවැත්විණි.
 
මන්ත්‍රීවරුන්ගේ  යෝජනා ඉදිරිපත් කිරීමේ අවස්ථාවේදි ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් ගමගේ මන්ත්‍රීවරයා කියා සිටියේ මෙයට වසරකට පෙර තමා විසින් අසන ලද ප්‍රශ්නයකට තවමත් පිළිතුරු නොදී කල් ඉල්ලීම අසාධාරණ බවය. මන්ත්‍රිවරයා දිගින් දිගටම කරුණු  දක්වා පසුව මේසය මතට ගොඩවිය.
 
ඒ සමගම ජනතා විමුක්ති පෙරමුණේ කුමාර සෙනවිරත්න මන්ත්‍රීවරයාද මේසය මතට ගොඩවී විරෝධය පළ කරන්නට වූ අතර එම පක්ෂයේ නිශාන්ති ප්‍රදිපිකා මන්ත්‍රීවරියද මේසයට ගසමින් ඝෝෂා කරන්නට වූවාය.
 
මෙහිදි කැලුම් සෙනවිරත්න මහතා(පො.පෙ)කියා සිටියේ මන්ත්‍රීවරයාගේ විරෝධය සාධාරණ බවය. ප්‍රශ්නයක් අසා වසරක් යනතුරු පිළිතුරු දිය නොහැකිනම් එය පිළිතුරු සැපයීමට නොහැකි ප්‍රශ්නයක් විය යුතු බවද, පැය දෙකක් තිස්සේ  කරන ලද්දේ මහජන මුදලින් කෑම බීම ගැනීම පමණක් බවද ඒ මහතා කීය.
 
එහිදී සභාව පාලනය කර ගැනීමට අපහසුවීම නිසා නගරාධිපතිවරයා පැය භාගයකට සභාව කල් තබන ලදී. පසුව යලිත් සභාව රැස්වු අවස්ථාවේද සුනිල් ගමගේ මන්ත්‍රීවරයා කියා සිටියේ තම විරෝධය දිගටම පළකරන බවය.
 
මෙහිදි නගරාධිපතිවරයා ඝෝෂාකාරි තත්වය මැද වුවද යෝජනා 49ක් සම්මත කර ගත්තේය.


 



අදහස් (2)

ගාල්ල මහ නගර සභාවේ ගාලගෝට්ටියක්

lalithm Wednesday, 19 February 2020 09:20 AM

ඔය නගරාධිපතිතුමා නේද අර ටෙලිෆෝන් කුළුණක් සම්බන්ධයෙන් විරෝධතා දක්වපු වෙලාවේ මෝඩ චෝදනා පැත්තට සපෝට් කළේ. එහෙව් කෙනෙක්ට ඉතින් සභාවක් පාලනය කරගන්න බැහැ තමයි.

:       1       11

sunil perera Wednesday, 19 February 2020 09:43 AM

ඔබලා සියලු දෙනාටම සුදුසු ඔය තනතුරු නොවේ. මේ අයව හොද කොරෝනා හැදුනු රටවලට යවන්න මාස්ක් ෆැක්ටරියක් මේ ගොඩනැගිල්ලේ හදලා නිපදවීමක් කරලා රටට වුනු ණය ගෙවා දමන්න.

:       0       64

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site