(සුමතිපාල දීයගහගේ සහ ඩී.ජී. සුගතපාල)
කියවීම හෝ ලිවීම යන අංශයන්හි හැකියාව නොමැති බන්ධනාගාරගතව සිටින තරුණ රැඳවියන්ට එම දැනුම ලබාදීමේ සාක්ෂරතා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ගාල්ල බන්ධනාගාරය කටයුතු කර තිබේ.
වයස අවුරුදු 18ට වැඩි තරුණ රැඳවියෝ 10 ක පමණ පිරිසක් මෙම වැඩපිළිවෙළෙහි ඉගෙනුම ලබමින් සිටිති.
ගාල්ල බන්ධනාගාර අධිකාරී ජගත් චන්දන වීරසිංහ මහතාගේ උපදෙස් පරිදි ප්‍රධාන ජේලර් එල්. පී. පේරුසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ ගාල්ල නොවිධිමත් අධ්‍යාපන ඒකකයේ උපදේශකයින්ගේ සහාය ඇතිව,මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.
මෙහිදී ශාක්ෂරතාවය ලබන ඇතැම් තරුණ රැඳවියන් අතර තම නම පවා ලියා ගැනීමට නොහැකි තරමට අකුරු නොදන්නා අය ද සිටින බව වාර්තාවේ.
මෙම තරුණ රැඳවියන්ට අවශ්‍ය දැනුම හා අධ්‍යාපනය ලබාදී ඔවුන් පුනරුත්ථාපනය කර යහපත් පුරවැසියන් ලෙස නැවත සමාජගත කිරීමේ අරමුණ මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව ගාල්ල බන්ධනාගාර අධිකාරී ජගත් චන්දන වීරසිංහ මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
748
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන්ට සාක්ෂරතා වැඩසටහනක්
Perera Wednesday, 24 July 2019 07:55 AM
ඉතාම හොද ක්‍රියාවක්. ඇත්තෙන්ම ඔවුන්ට මෙහෙම වෙලා තියෙන්නේ ඉගෙනීම නැති නිසා වෙන්න පුළුවන්. එම නිසා හැම බන්දනාගාරයක්ම වදකාගාරයක් වෙන්නැතුව හැම අතින්ම පෝෂණය උණු පාසලක් උනොත් යහපත් අය එළියට එයි.