විනිතා එම් ගමගේ
ග්ලයිෆොසේට් තහනම ඉවත් කර ගැනීමට මූලික වූ නවින් දිසානායක ඇමැතිවරයා ඇතුළු සියලු දෙනාට ඉදිරි රජයක් යටතේ නඩු පවරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ.
එම කැබිනට් පත්‍රිකාව සකස් කළ හා ඊට සහ දුන් අයට විශේෂයෙන්ම එවකට සිටි ජනාධිපති ලේකම්වරයාට ද එරෙහිව අධිකරණය ඉදිරියට යන බව ද රතන හිමියෝ කීහ.
වත්මන් රජය පවතින තුරු එවැනි කටයුත්තකට ගොස් පලක් නොවන බවත් නව රජයක් යටතේ අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වන බවත් උන්වහන්සේ පැවසූහ.
වරදක් කළ ඕනෑම අයකුට දඬුවමක් තිබිය යුතු යැයි ද රතන හිමියෝ ප්‍රකාශ කළහ.
ලෝකයේ දියුණු රටවල ග්ලයිෆොසෙට්වලට එරෙහි නඩු තීන්දු දෙස බලන කළ ශ්‍රී ලංකාවේ නඩු පැවරිය හැකි සිද්ධින් විශාල ප්‍රමාණයක් පවතින බව කී උන්වහන්සේ තේ වගාව සඳහා යැයි පවසමින් යළි ලබාගත් ග්ලයිෆොසේට් තේ වතුවල ඉසීම කරගෙන යන වතු කම්කරුවන්ගේ ජීවිතවලට වගකියන්නේ කවුදැයි තමන් විමසන බවත් සඳහන් කළහ.
ග්ලයිෆොසේට් නිසා රෝගී බවට පත්වූ සියලු ගොවීන්ට රජය වන්දි ගෙවිය යුතු යැයි ද උන්වහන්සේ ප්‍රකාශ කළහ.
වකුතඩු රෝගීන්ගේ කිසිම අඩුවීමක් නැතැයි පැවසූ රතන හිමියෝ මේ වනවිට වකුගඩු රෝගීන් ගණන ඉක්මවා පිළිකා රෝගීන් සංඛ්‍යාව වැඩිවෙමින් පවතිතැයි ද කීහ.
2005 වසරේ 5000 ක් ව පැවති වාර්ෂිකව ලියාපදිංචි වන රෝගීන්ගේ සංඛ්‍යාව මේ වනවිට 28,000 ක් ඉක්මවා ඇතැයි පැවසූ උන්වහන්සේ රජරට වකුගඩු රෝගීන් වැඩිවීම ඉතා සුළු වශයෙන් අඩු වී ඇති බවක් පෙනී යන්නේ යැයි ද කීහ.
රතන හිමියෝ මේ අදහස් පැවැසූයේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ අද (21) පැවැති වස විස නැති හෙටක් ව්‍යාපාරයේ මාධ්‍ය හමුවක් අමතමිනි.
COMMENTS
ඉදිරි ආණ්ඩුව පිහිටුවන්නේ අර ඊයේ " මට විතරයි පුළුවන්, මම විතරයි මිනිස්සු ඉල්ලන්නේ" කියපු කෙනාද නැත්නම් එයාම කීව " මාමන්ඩියද" හාමුදුරුවනේ? දෙන්නම දැන් පන්සල් ගානේ යන්න පටන් අරගෙන. අනිත් කෙනාගේ වැඩ පිලිවෙලෙන් පාඩමක් ඉගෙන ගෙන වගෙයි.
ඉදිරි රජය කුමක් දැයි තීන්දු කරන්නේ ජනතාවයි. එය කුමක් දැයි නොදැන කරන ප්‍රකාශයේ අර්ථයක් ඇත් ද?
ඒ කියන්නේ හාමුදුරුවනේ අධිකරණයේ ස්වාධීනත්වය ගැන ඔබ වහන්සේට ගැටළුවක් තියෙනවා එහෙමද?
ග්ලයිෆොසෙට් අපේ රටෙන් තුරන් කරනවට අපේ උපරිම සහයෝගය .! ඒත් මුළු ලෝකයම කාලගුණ විපර්යාසයින්ට ලක්වෙමින් පවතින මේ කාලයේ .. කාලගුණ උවදුරු .. කෘමි උවදුරු .. පොලවේ සාරත්වය නැතිවීම ... වැනි ප්‍රශ්න වලටත් පිළිතුරු හොයාගන්න උත්සහා කරනවානම් අපි මේ ග්ලෛෆොසෙට් ඒ තරම් වැදගත් වෙන්නේ නැහැ නේද.
ඒ වාගේම ගොනු කර තිබෙන දුෂණ වංචා නඩු ගොන්නත් , ඉක්මනින් ක්‍රියාත්මක කරන්න ඉදිරි ආණ්ඩුවෙන් . මේ පාර ඔබ වහන්සේගේත් මුලික පොරොන්දුව වුයේ, දුෂිතයන්ට තරාතිරම නොබලා දඩුවම් දෙන වගයි . බුදු සරණයි !
බුද්ධ පුත්‍රයෙක් ඇයි මේ පුහුදුන් සමාජයට රිංගලා ගැටි ගැටී ඉන්නේ