IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ගිලන්රථ රියදුරුට පහරදුන් සෞඛ්‍ය පරීක්ෂක අත්අඩංගුවට

( තිලකරත්න දිසානායක.)

කොළඹ ලේ බැංකුවේ සිට අනුරාධපුර ජාතික රෝහල වෙත ගමන් ගනිමින්  සිටි අනුරාධපුර රෝහලෙහි ගිලන්රථ රියදුරෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යක්කල පොලීසිය මගින්  මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු අත් අඩංගුවට ගෙන ඇත. 

ඊයේ ( 23) රාත්‍රියේ මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයා තවත් අයෙකු සමග මෝටර් රථයක ගමන් ගනිමින් සිට ඇති අතර යක්කල පොලිස් බල ප්‍රදේශයට අයත් බැලුම්මහර නගරයේදී මෝටර් රථයට ඉඩ නොදීමේ සිදුවීමක් හේතුවෙන් ගිලන්රථය ඉදිරියෙන් මෝටර් රථය නවත්වා කතා බහක් ඇතිව එය පහර දීමක් දක්වා දුරදිග ගොස් ඇති බව පොලීසිය පවසයි. 

පහරදීම සම්බන්ධයෙන් ගිලන්රථයේ රියදුරා යක්කල පොලිස්ථානයට පැමිණිලි කොට ඇති අතර පහරදීම සිදුකළ අවස්ථාවේ ගිලන්රථයේ සිටි සහායකයා විසින් සිය ජංගම දුරකථනයෙන් රූපගත කිරීමේදී පහරදුන් අය විසින් ජංගම දුරකථනය උදුරාගෙන පොලවේ ගැසූ බව ප්‍රකාශ කළ බවත් පොලීසිය පවසයි.  

පහර කෑමට ලක්ව ඇති ගිලන්රථ රියදුරා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත්ව මූලික ප්‍රතිකාර ලබා අනුරාධපුර රෝහල බලා ගොස් ඇති බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය. 

මෙම පහරදීම සම්බන්ධයෙන් යක්කල පොලිස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමිත් සුසන්ත මහතාගේ උපදෙස් මත අත්තනගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට අනුයුක්තව සේවය කරන මහජන සෞඛ්‍ය පරීක්ෂක සහ ඔහු සමග ගමන්ගත් පුද්ගලයා අත් අඩංගුවට ගනු ලැබිය.

ඔවුන් අද (24) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (3)

ගිලන්රථ රියදුරුට පහරදුන් සෞඛ්‍ය පරීක්ෂක අත්අඩංගුවට

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 24 May 2020 07:44 AM

පී.එච්.අයි. කෙනෙකු ගිය දුර... මේ වගේ වැඩ දාන්න ගියාම තමයි කඩ කාරයන් අල්ලාගෙන නෙලන්නේ. ඒත්, කඩකාරයාත් හොඳහැටි නෙළන නිසා ඒ මිනිහා අමාරුවේ වැටෙනවා. බොහෝ පී.එච්.අයි වරුන්ගේ හැටි ජනතාව හොඳට දන්නවා. හොඳ නිලධාරීන්ට අපේ ප්‍රණාමය. ඒත්, පඩියට අමතරව ලැබෙන මුදල්වලින් සමහර දෙනා ගජ පෝසතුන් වෙලා. ඒත් කෝ .. මේ වත්කම්, බැරකම් තද නින්දේනේ..?

:       1       205

wicky Sunday, 24 May 2020 08:42 AM

ගිලන් රථයකට රටේ ප්‍රධානියාගේ නිල රථය වුවත් මාර්ගය ඉඩදීම තමයි මූලික නීතිය. උපරිම දඬුවම් කරන්න ඕනෑ නැවත මෙවැනි දේ නොවන්නට.

:       0       112

niwataya Sunday, 24 May 2020 01:08 PM

කුණු ඉන්ස්පෙක්ටර්වරු පසුගිය සමය හොඳින් සිට අද පාට් දමා නිවටයන් බවට පත්වෙති!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 99 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 365 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site