(මහින්ද නිශ්ශංක)
ගල්කිස්ස සිට කන්කසන්තුරය දක්වා සහ කන්කසන්තුරයේ සිට ගල්කිස්ස දක්වා ධාවනය වන අංක 4021 සහ 4022 යන දුම්රිය සඳහා අද(24), හෙට(25) සහ අනිද්දා(26) යන දිනවලදී පළමු පන්තියේ වායු සමනය කළ අමතර මැදිරියක් බැගින් එක්කර ඇතැයි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී(වාණිජ) වී.එස්.පොල්වත්තගේ මහතා පැවසීය.
ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් පෙ.ව. 5.18ට සහ කන්කසන්තුරය දුම්රිය ස්ථානයෙන් ප.ව. 1.15ට මෙම දුම්රිය පිටත් වේ.
මෙම මැදිරියට ආසන 44ක් සහිත බවද හෙතෙම කීය.
පාසල් නිවාඩුව සහ නත්තල් උත්සවය සැලකිල්ලට ගෙන මගීන්ගේ ගමන් පහසුව සඳහා මෙම වායු සමනය කළ මැදිරිය එක්කර තිබේ.
COMMENTS
අන්න හොද වැඩ. දුර ගමන් යන දුම්රියන් වල විතරක් නොවෙයි කාර්්‍යාලිය දුම්රියන් වලත් විදුලි පංකා එහෙම වැඩ කරනවාද කියලා නිරන්තරව හොයලා බැලුවොත් හොදයි.
ඒ වැඩේ නම් හොඳයි.. හැබැයි, දෙයියන්ගේ නාමෙන්, අර උඩරට මැණිකේගේ වගේ නහය වහගෙන යන්න සිද්ද වෙන, පහතින් කෝච්චි පාර දුවනවා පෙනෙන කැඩිච්ච වැසිකිලි නම් මේ මැදිරිවල තියන්න එපා...
මෙම දුම්රිය නිසා , ගල්කිස්ස, රත්මලාන අවට ප්‍රදේශ සියල්ලම, යාපනයක් වන දිනය ඈත නොවේ. “බලන් කඩතුරා හැර දෑසේ”.