
(රංජන් කස්තුරි)
මේ රටේ දරුවන්ගේ අධ්‍යාපනය නිසි පරිදි පැවැත්වීමේ කිසිදු සැලැස්මක් ආණ්ඩුවට නැතැයි ලංකා ගුරු සංගමය සඳහන් කරයි.
බලහත්කාරයෙන් රඳවාගෙන සිටින ගුරු සංගම් නායකයින් හා සමාජ ක්‍රියාකාරිකයින් නිදහස් කරන තෙක් ආණ්ඩුවට එරෙහි විරෝධතා අඛණ්ඩ පවත්වන බවද ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා කොළඹ එම සංගම් කාර්යාලයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පැවසීය.
දරුවන්ගේ මාර්ගගත අධ්‍යාපන කටයුතු නතර වීමේ වගකීම ආණ්ඩුව බාරගත යුතු බව ද එහිදී ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ කාලේ හිටපු අපිට උගන්වපු ගුරුවරු එක්ක බැලුවාම මේ දැන් ඉන්න අය දැක්කාම දුක හිතෙනවා.
මේවා ගුරු දෙවිවරු කියන කතාද? වගකීම ගන්න ආණ්ඩුවද දරුවන්ට උගන්වන්නේ නැතුව පිස්සු කෙලින්නේ? මේ මිනිස්සු උද්ඝෝෂණ, වැඩ වර්ජන, අකුරට වැඩ ආදී මෙකී නොකී සියලුදේම කරනවා හරියට දරුවන්ට උගන්වන එක ඇර... කොවිඩ් වසංගතය වෙනුවෙන් දැනට දරුවන් අවුරුදු 02ක කාලයක් ගෙදර. මේ වගේ වෙලාවක මේ විදියට දරුවන්ගෙන් පලිගන්න පුළුවන් මනුස්සයින්ට නෙමෙයි.., තිරිසනුන්ට විතරයි. එකක් මතක තියාගන්න අර රෝගීන් ඇපයට තියාගෙන වැඩ වර්ජන කරපු දොස්තරලාට වුණු දේ මේ මිනිස්සුන්ට වුනොත් මුළු රටේම ඉන්න දෙමවුපියන් තරම් සන්තෝස වෙන පිරිසක් රටේම නැහැ...
ඔන්ලයින් එපා... දරුවන්ගේ අනාගතය බේරාගමු. අපේ අහිංසක මිනිස්සුන්ගේ මුදල් පිටරටට, අන්තර්ජාල ආයතන වලට හූරාගන්න ඉඩ නොතබමු... ස්තුතියි..!!!
වර්තමාන රජය ඉවත්කොට වෙනත් රජයක් පිහිටුවීම මේ අවස්ථවේ කිසි සේත්ම කලයුතු නොවේ. මැතිවරණයක් පවත්වන්නේනම් වසර 2ක් වත් අඩුම වසයෙන් සිටිය යුතුවේ. එයට හේතුව රටේ ජනතවට දේශපාලන යථාර්තය අවබෝදවිමට අවස්ථව සලසා දිය යුතුවේ. එය කරනුයේ ඔවුන් වෙනුවෙන්ම නිසාය. මේවන විට රට සහ රටේ දේශපාලනය අවතීර්ණ වෙමින් තිබෙනුයේ එම මොහොතට වේ. මීලග මැතිවරණයට පෙර සක්තිමත් දේශපාලන සැලසුමක් සකස් කළයුතුව ඇත.
එසේ නොමැතිව සෑම අංශයක් සඳහාම යූනියන්ස් පිහිටුවා නැත. ලංකාවේ පවතින මෙම යූනියන්ස් මාෆියා ව නිසා රටක් පවත්වා ගෙන යාමට අසීරුවේ. බොහෝ ආයතන තුල දේශපාලන පක්ෂ නියෝජනය කරන්නාවූ යූනියන්ස් පිහිටුවා තිබේ. සත්‍ය වශයෙන්ම මෙම යූනියන්ස් කරනු ලබන්නේ පක්ෂ දේශපාලනය මිස කම්කරු අයිතීන් වෙනුවෙන් කිසිඳු අවස්ථාවක පෙනී සිටීම නොවේ. ලෝක කම්කරු දිනය පවා ලංකාවේ කම්කරුවා වෙනුවෙන් සටන් වදින්නේ හෝ පෙනී සිටින්නේ නැත. මේ පැමිණ තිබෙනුයේ සියල්ල නිවැරදි කළයුතු මොහොතට වේ. අවස්ථාව පැමිණ තිබෙන නිසා රට වෙනුවෙන්, ජනතාව වෙනුවෙන් කළයුතු සුබවාදී වෙනස්කම් සියල්ල කළ යුතුවේ. ලෝක කම්කරු නීතීන්ට පටහැනිව එක ආයතනයක් තුළ පිහිටුවා තිබෙන්නා වූ සියලු යූනියන්ස් අහෝසි කළ යුතුවේ. ඒ සඳහා අවශ්‍ය ක්‍රමවේදය සකස් කළ යුතුවේ. මෙම කරුණ යූනියන්ස් වෙත දන්වා ඔවුන් සමග මේ ම අනවශ්‍ය යූනියන්ස් ඉවත් කල යුතුවන්නේ ජාත්‍යන්තර කම්කරු ක්‍රමවේදයන් අනුගමනය කළ යුතු නිසා බව ඔවුනට ඒත්තු ගැන්විය යුතුවේ. එසේ නොමැති වුවහොත් විදේශ රටවල් පවා ලංකාවේ ආයෝජනය නොකිරීමට ප්‍රධානතම හේතුව ලංකාවේ පිහිටුවා තිබෙන අනවශ්‍ය යූනියන්ස් නිසා බව ඔවුන්ට පැහැදිලි කළ යුතුවේ.
ලංකා ගුරු සංගමයද? ජවිපෙ ශාඛාවක්ද? මේ මිනිස්සු තමන්ගේ දේශපාලනය අධ්‍යාපනය අස්සට ගෙනිහින් කරන නිර්ලජ්ජිත "අධ්‍යාපන හිංසනය" රටට ලොකු විනාශයක් කරනවා. ඉතිහාසේ පටන් මේ මිනිස්සු කරේ මේ තකතීරු වැඩේ... 71, 87-89, දැන් නැවතත්...
වැටුප් ගෙවන්නේ නම් සේවකයාගෙන් අදාල සේවය ලබාගැනීම සේවා යෝජකයාගේ කාර්යකි. වැටුප් පමණක් කලට වේලාවට ගෙවා සේවකයා කරන සේවය ක්‍රමවත්ව නියාමනය නොකිරීමේ ඵලවිපාක ගෙවමින් සිටී. මෙම අපරාධයේ ඵලවිපාක මෑත කාලීනව නොව වසර 10කින් පමණ විඳීමට සිදුවේ. ඒ වනවිට රටේ ඉහළ අධ්‍යාපන මට්ටම් අවශ්‍ය රැකියා සඳහා ශ්‍රමය විදෙස් රටවලින් පැතීමට සිදුවේ. මේ පිළිබඳ සියලු පාර්ශ්ව වගකීමකින් කටයුතු කර රට අනවශ්‍ය ප්‍රපාතයකට අද දැමීමෙන් වළකිමු.
ගුරුසංගමය දේශපාලනයෙන් තොරව ස්වාධීනව කටයුතු කළ යුතුයි. නැතිනම් ඔවුන්ද වැටෙන්නේ සෑම රජයකටම විරුද්ධව වැඩ කරන, රටට අවැඩක්ම වන තවත් දේශපාලන කල්ලියකටයි.
ඩිග්රි ගහපු අය ඕනෑතරම් ඉන්නවා ගුරුකමට. 1985 ජුලි වර්ජකයින්ට කරපු දේ කරන්න. එතකොට පාඩමක් ඉගෙන ගනීවි. ඩුබ්ලිකේට් ඉස්ටාලින් මෙරටට වැඩක් නැහැ.
ගරු වෘත්තීයට නිගාදෙන මේ අතළොස්ස කාලකණ්ණිම තමයි. දරුවන්ගේ ඇස් පාදනවා වෙනුවට ඇස් අන්ධ කරන මේ අයගේත් සාක්කුවලට එන්.ජී.ඕ. මුදල් වැටෙනවා නොඅනුමානයි...
පුදුම හරක් ඉන්නේ ලංකාවේ.. රජයෙන් ඔන්ලයින් අධ්‍යාපනයට නිසි වැඩ පිළිවෙළක් නොහදා කල් මරන්නේ වුවමනාවෙන්මයි... ඕක තේරෙන්නේ නැද්ද? ලංකාව වගේ දූෂිත රටක පත්වෙන... ඕනෑම රජයකට අවශ්‍ය නූගත්, තරුණ පරපුරක් බිහිකරගැනීම... මොකද ඔවුන්ට කිසිවක් ප්‍රශ්න නොකර නූගත් හෙංචයියලා අවශ්‍ය නිසා...
බමුණුආරච්චි... ඔබ දෙපළ හරියටම හරි... මාගේ ප්‍රණාමය ඔබ දෙපළට...!!!
කාලකණ්ණි . මේ අයගේ ලොක්කන්ගේ ළමයි පිටරටවල අහිංසක ළමයි ටික බිල්ලට දෙනවා. මමත් එක්ක කතා කළ ගුරුවරු සියලු දෙනාම කිව්වේ මේ දවස්වල ඔන්ලයින් නතර කලේ මෙයාලා කියපු නිසා නොවන බවත්, විවේකයක් ඕනෑ නිසා බවත්... ඒත් එයාලා ළමයින්ට වැඩ යවනවා. ලබන සතියේම එයාලා නැවතත් ඔන්ලයින් උගන්නන්න පටන් ගන්නවා කිව්වා. අනෙක මෙය ගුරුවරු වෙනුවෙන් කරන දෙයක් නොවන බව එයාලට අවබෝධ වෙලා තියෙන්නේ... 88-89 කාලේ ළමයින්ගේ අධ්‍යාපනය විනාශ කරපු අය තමයි මේ අය... ආපහු කරන්න යන්නේ ඒ ටිකමයි...
මොනතරම් තද උනත් ඩබ්ලිව් ඩී 40 ගැහැව්වාම බුරුල් කර ගන්න පුළුවන්