IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ගුරු - විදුහල්පතිවරු දින 3 ක අඛණ්ඩ වැඩ වර්ජනයකට සැරසෙති

(මුදිතා දයානන්ද)

වැටුප් විෂමතා ඉවත් කිරීම, විෂමතා ඉවත් කරන තුරු අතුරු වැටුපක් ලබාදීම ඇතුළු ඉල්ලීම් හයක් මුල් කර ගනිමින් ගුරු - විදුහල්පතිවරු මෙම මස 16 වැනිදා සිට දින තුනක අඛණ්ඩ වැඩ වර්ජනයක යෙදෙන බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා අද (09) පැවසීය.

මීට පෙර දින පහක වැඩ වර්ජනයක් කරන බව දැනුම් දී තිබුණද 19 වැනිදා මහමැතිවරණයේ නාම යෝජනා භාර දෙන අවසන් දිනය වන අතර එදින රජයෙන් පාසල් නිවාඩු දිනයක් ලෙස නම් කෙරෙන බැවින් තම වර්ජනය දින තුනකට සීමා කිරීමට තිරණය කළ බවද ඔහු පැවසීය.

ඔහු මේ බව පැවසුයේ කොල්ලුපිටිය සී.එම්.යූ ශාලාවේ පැවති මාධ්‍ය හමුවකදීය.

ගුරු විදුහල්පති වෘත්තිය සමිති 30 ක් මෙම වෘත්තිය ක්‍රියාමාර්ග සමඟ ඒකාබද්ධව සිටින බවද ජයසිංහ මහතා එහිදී පැවසීය.

මෙම ඉල්ලිම් මුල් කර ගනිමින් පසුගිය 14 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වූ අතර පසුගිය 26 වැනිදා ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක්ද අනුගමනය කළ බවත් එයින් පසුවද ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටින බවත් තමන්ගේ අයිතින් දිනා ගැනීම සඳහා පෙර දැනුම් දුන් පරිදි වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවත් ජයසිංහ මහතා පැවසීය.

ඒ අනුව ගුරු විදුහල්පතිවරු මෙම දින තුනේදි නොදන්වා සේවයට වාර්තා නොකිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බවද  ඔහු පැවසීය.

මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වීමේදී වර්ජකයින්ට මුහුණ දීමට සිදුවන ඕනෑම ගැටලුවක් වෙනුවෙන් පෙනි සිටීමට සියලු වෘත්තිය සමිති නායකයින් සූදානම් බවත් ඒ හේතුවෙන් බොරු ප්‍රචාරවලට යට නොවී වර්ජනයට සහභාගි වන ලෙස සියලු ගුරු විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා සිටින බවත් ජයසිංහ මහතා එහිදී පැවසීය.

ලංකා ගුරුසේවා සංගමය, ලංකා ගුරු සංගමය, සමස්ත ලංකා එක්සත් ගුරුසංගමය, විදුහල්පති සේවා සංගමය, අ‍ධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමය, ස්වාධීන අධ්‍යාපන සේවක සංගමය, ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමය, ශ්‍රී ලංකා නිදහස් ගුරු සංගමය, වතු ගුරු සංගමය, ස්වාධීන ලංකා ගුරු සංගමය, ගුරු විමුක්ති පෙරමුණ, පුහුණු විද්‍යාපීඨ හා උපාධිධාරී ගුරු සංවිධානය, ලංකා පිරිවෙන් ගුරු සේවා සංගමය, නැගෙනහිර පළාත් ද්‍රවිඩ ගුරු සංගමය ඇතුළු ගුරු විදුහල්පති වෘත්තිය සමිති 30 ක් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයට එක්ව ඇති බව ජයසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

 

 

 

 



අදහස් (5)

ගුරු - විදුහල්පතිවරු දින 3 ක අඛණ්ඩ වැඩ වර්ජනයකට සැරසෙති

dickie bird Monday, 09 March 2020 03:50 PM

අයියෝ.... මේ අපේ ලංකාවේ ගුරුවරු.

:       1       0

ලියන්නා Tuesday, 10 March 2020 02:38 AM

රටක් දියුණු වන්නට නම් සෙබළාගේ වැටුපට වඩා ගුරුවරයාගේ වැටුප වැඩිවිය යුතු බව ලෝක සම්මතයයි. එබැවින් වහාම විෂමතා ඉවත් කර ගුරු වැටුප් නංවාලිය යුතුය.

:       2       1136

denin Tuesday, 10 March 2020 05:31 AM

තැපැල් ඡන්දයෙන් අපි දැක්කා රජයේ සේවකයින් වැඩි සංඛාවක් ඡන්දය දී තිබුනේ ගෝඨාභය මහතාටයි ඒ නිසා මහා මැතිවරණයට පෙර කෙලෙහිගුණ සලකන්න කියන්න. දෙන්නම් කාසි වලට තව දුරටත් රැවටෙන්නේ නැහැ කියා.

:       0       53

මුණසිංහ Tuesday, 10 March 2020 07:56 AM

අපි දන්න විදියට නම් ඡන්දයක් ප්‍රකාශයට පත් කරල තියෙන කොට ඉල්ලීම් දෙන්නම් කියලා කියනවා හැරුන කොට මුකුත්ම කරන්න බැහැ. අය-වැයක් නැහැ. ඒ නිසා මේ කරන්නේ ඡන්දයට කරන බලපෑමක් විතරයි. ස්ට්‍රයික් කරනව නම් ඊලග පාර්ලිමේන්තුව රැස්වුනාට පස්සේ කරන්න. ඒක ඵලදායී වේවි. ගුරුවරුනි, ජේවීපි කාරයන්ගේ උගුල් වලට අහු වෙන්න එපා.

:       1       7

ass charyaTuesday, 10 March 2020 09:48 AM

ඔවු ඔය මුණසිංහ කියන විදිහට කලා නම් හරි සැහෙන කඩේ ගිය කෙනෙක් මේ ආණ්ඩුව ගේන්න.

:       4       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 45 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 715 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site