
(රංජන් කස්තුරි)
වටුප් විෂමතා ඉවත් කර ගැනීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් ගුරු සංගම් ආරම්භ කළ රථ පෙළපාලිය හේතුවෙන් නුවර පාර, මීගමුව පාර, හයිලෙවල් පාර සහ ගාලු පාර ඇතුළු සෙසු මාර්ග වල දැඩි වාහන තදබයක් පවතින බව වාර්තා වෙයි.
මේ හේතුවෙන් කොළඹට එමින් සිට සිටි විශාල පිරිසක් දැඩි අපහසු තාවයට පත්ව සිටිති.
අද පෙරවරු 10.00 ආරම්භ කළ එම රථ පෙළපාළිය තවත් පැය දෙකකින් පමණ කොළඹට ළඟා වීමට නියමිතය.
මීගවුව පාරේ නවලෝක ක්‍රිඩාංගනය අසලින්, නුවර පාරේ කඩවත අධිවේගී පිවිසුම අලසින්, හයිලෙවල් පාරේ පන්නිපිටි ධර්මපාල විදුහල අසලින් සහ ගාලු පාරේ මොරටුව නගරයෙන් එම රථ පෙළපාළි ආරම්භ කරන බව ද එම සමිති සන්ධානය සඳහන් කරයි.
(ඡායාරූප: ගයාන් අමරසේකර)






(කඩවත අධිවේගී මාර්ග පිවිසුම අසල් එක් විරෝධතා රථ පෙළපාලිය ආරම්භ කළ අයුරු ඡායාරූප රාගම විශේෂ විමුක්ති එස් රුද්‍රිගු)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ සුබපැතුම්. අනෙකුත් සියලු රජයේ සේවකයන් එක්වන්න. අපේ රට වනසන පවුල් පාලනයෙන් සහ ඇමරිකානු පුරවැසියන්ගෙන් රට බේරාගැනීමට පෙරට එන්න.
අපි පුද්කලික අංශයේ වැඩ කරල බදු ගෙවනවා .මේ අය කරන සේවයට පඩි ගෙවන්න. මේ අය ගෙදරට වෙලා නිකම් ඉන්න බැරිකමට පෙලපාලි යනවා. මොකද මේ අයට මේ දවස්වල යාම් ඊම් මග වියදමුත් නැහැනෙ. හොද වෙලාවට අපි ඉගෙනගත්තෙ ගුරු දෙවි වරැන්ගෙනි.
ගුරුවරුන්ට අපේ සහාය, සියළුම රජයේ සේවකයන් මෙයට සහාය දිය යුතුයි. ජය වේවා!
ඔක්කෝමලා ඇවිත් උද්ගෝෂණය කරන්න ,රටම කොරෝන වසංගතයට බිලි දී .පසුව ඇවිත් ආපසු කොරෝනා පාලනය කරේ නෑ කියා උද්ගෝෂණය කරන්න .
දැන් තමයි හොඳටම ගුරුදෙවියන් මාර්ගගත වීම කියන්නේ මොකක්ද කියලා තේරුම් අරගන්න පුළුවන්... දැන් ඉතින් ඉරහඳ දුන්නත් ආපහු රස්සාව කරන්න නායකත්වයකට කැමති නැහැ.
කලින් ආණ්ඩුවෙන් වැඩි කරපු පඩි වලින් ගත්ත වාහන වෙන්න ඇති නේ?
ඇමැතිවරු සැප විඳිනවා.. හොඳ වාහනවල යනවා. අපිට හැමදාම හිඟන්නො වගේ ඉන්න පුළුවන්ද? දුක් විඳිනවා නම් හැමෝම එකලෙසට කැපකිරීම් කරමු..
ඇත්තටම මේ මිනිසුන් මෙච්චම නරක ඇයි? උකුණු හිසක් තරම් මොළයක් නැද්ද රටේ පවතින තත්ත්වය තේරුම් ගන්න... මොවුන් නටන්නේ කාගේ පදයටද?
ගුරු විදුහල්පති සටනට ජය වේවා .රට මේ තරම් නරක තැනකට වැටෙනකල් කලගෙඩි නැටුවේ ,පැණි බෝතල් නාඩගම් නැටුවේ කවුද ? ගුරුවරුද ? රටේ අධ්‍යාපනය බින්දුවට බැහැලාලු කිය කිය සුපිරි වාහන ගෙන්වා ගන්න හදන්නේ විදුහල්පතිවරුද ?
මුදලට වහල් වී ගුරු වෘර්තියත් පාවා දෙන මේ ගුරු හොරුන්ට සාපවේවා
සියලු දෙනාට සුභ කොරෝනාවක් පතමි. එකක් විදගත්තට ආරක්ෂාවක් නැතෝ.. කෑ ගහල විද ගත්තෙ පෙලපාලි යන්න වෙන්න ඇති
ප්‍රගතිශීලිත්වයට එදිරිව බියගුල්ලන්
වහල්ලුන්ට මේවා තේරෙන්නේ නැහැ .මෙච්චර වෙලත් ආණ්ඩුවට කඩේ යනවානේ ?
කාලකන්නි.
හලෝ හැමදේම පිනට පිනට ඉල්ලන්න එපා. අපි ඔහේලට පිනට කරන දේවල් මදිද. අධ්‍යාපනය , සෞඛ්‍ය ය , රැකියා සපයනවා පිනට අපේ බදුවලින්.